1 0 5

417 95 135
                                    


ටෝබි එයාට දාලා දීපූ ලොකු කොට්ටේ උඩ වාඩි වෙලා ටෙනිස් බෝලයක් හපන සද්දේ විතරක් ඒ විශාල රිසෝට් එක පුරා දෝංකාර දෙද්දි මලිත එයාගේ ෆෝන් එකත් අරන් රූම්  එකට ගියා.. අඳුරු නිහඬ බව එක් වරම නැති වෙලා දවසේ අන්තිම පැය  ඇරඹුනා කියන්න බිත්ති ඔරලෝසුව නිහඬ බව බිඳිමින් සද්දෙන් වදින්න ගත්තේ සෙටියේ බර කල්පනාවක ඉදපු සඳැස්  පවා එකපාරටම ඇහුනු සද්දෙට ගැස්සෙද්දී..


ළා කහ පාට නියෝන් එළිය සාලේ පුරා වැටිලා තිබ්බත් රිදී පාට සඳ එළිය සෙටියේ පාමුලට වළාකුලු අතරින් පෙරිලා ආවේ ලී කැටයම් කරපු ජනෙල් අතරින්.. සඳැස් ඒ සඳ එළිය දිහාම බලාගෙන හිටියේ හිත ඇතුලෙන් කොහේදෝ දුර ඈතක ගමන් කරන අතරතුරේ...

නියෝන් එළියේ පරදලා තිබුනු  ඝන අන්ධකාරේ ගුප්ත බව නිසාම ලී කැටයමුත්  වෙනස් වෙනස් රූප මවද්දි සඳැස්ගේ පාමුල වැටිලා තිබුනු සඳ එළිය පවා මිනිස් රූපෙකට පෙරලුනේ ටවුමේ අමු යකා ඇතුලේ ඉදපු සංවේදී-





" අහ්හ්හ්හ්හ්
ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් !!!!! "






අතිසංවේදී බූල් ඇස් ලොකු කරන් උගුරෙන් කෑගහන්න ගද්දි එයා ඉස්සරහට වැටුනු හොල්මනත් ආපිටම ඒ සද්දෙන් කෑගහන ගමන්ම  කකුලෙන් ගලවලා ගනිපු සෙරෙප්පුව ඇදලා අරන් විසි කරලා ගැහුවේ සෙරප්පුව බූල්ගේ මූනේ වැදිලා ඩොග් ගාලා වැටෙද්දී..  හෙඩ් ශොට්..!!










" තෝ හිතුවේ කලු කුමාරයා කියලද ආහ්හ්හ් අහ්හ්හ් අහ්හ්.....අහ්හ්හ් ගාලා කෑගැහුවේ.. චූටියා නැති නිසා සිරිමත් පගයට මෝල මෝල.. මෝල් කැම්රියා..!! "






ජනේල ලග ඉදන් ආපු මිනා  බූල් ඉදපු සෙටියෙ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙන ගමන්  කියවන්න ගත්තා...  හොඳටම මල පැනපු බූල්ගේ කටත් කටර් එක වගේ කියවන්න ගත්තේ.. බය උනු පාර වෙන්නැති..






" පල පකයා යන්න.... ඔන්න බලපන් තෝ ඔෂධ එක්ක රෝස කැලේ යද්දි අර ඔලුව වනන පිරිමි පෙන්නන්න බැරි ලොකු හූනා උබේ නැගපු ඇට මල්ලට දස්ට කරාවී.. සාප කරනවා යකෝ..!! සාපේ සාපේ...!!!  මේක ඇලෙක්සැන්ඩර්ගේ වන් ඇන්ඩ් ඔන්ලි ග්‍රේට් සන්ගේ සාආ~...පේ..!!!! "




The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now