4️⃣4️⃣🍄

713 139 235
                                    


The owner of Moon 🌙❤


" චූටි මිනා ඉන්න තැනට යන්න.. මන් බලලා එන්නම්..! "


සදැස් කියුවේ මන් එයා පස්සෙන්ම ස්පෝට් රූම් එකෙන් එළියට එද්දි... ඒත් මන් කොහොමද සඳූව තනියෙන්  යවන්නේ.. ඒ වචන මගේ පපුව ඇතුළට කිදා බැස්සේ එක විනාඩියට...  උබට මාව තනියෙන් තියන්න බය ද සඳූ... මගේ පපුවේ පැත්තක් කැක්කුම ඇල්ලුවා.. හැමවෙලේම සඳූ මන් ගාව හිටියා....ළගම බැරි උනත් පේන මානෙන් මගේ දිහා බලන් හිටියා.... එළියෙදි ක්ලාස් ඉවර උනු ගමන්ම මගේ අප්පච්චි වගේ සඳූ පන්ති ළගට වෙලා බලන් ඉන්නවා...

ඒත් දැන්.. සඳූ මට යන්න කියන්නේ මිනා ළගට... උබ නැති උනාම මාව පරිස්සම් කරන්න පුලුවන් ඌටද සඳූ..?? බාප්පා ඇවිත් කියලා සඳූ හිතන්නැති...  ඔව් ඒ අසහනකාරයත් අනිවාරෙන් ඇති..ඒත් මට හැමදේටම වඩා  උබව වටිනවනේ සඳූ... ඌ නිකන් සිපයියෙක් විතරයි......

මන් සඳූ දිහා බලද්දි එයා සුපුනා දිහා බලලා මාත් එක්ක යන්න කියුවා.. මට බෑ..!!

ඇයි සඳූගේ අම්මා මෙහෙට ආවේ..එයාව එක්කගෙන යන්න ද.. මගේ ඔලුව විකාර වෙලා වගේ.... ඒ මළකඩ කාපු කරත්ත ගෑනිව මැවි මැවි ඇස් ඉස්සරහ පෙනෙද්දි මන් තව පැය ගානකට ඉස්සරහට වෙන්න පුලුවන් දේවල් හිතන්න ගත්තා... සඳූ කෑගහලා ආවොත් ඒක සඳූටත් හොඳ නෑ..

අනිත් එක සඳූගේ පවුලේ විස්තර ගැන ළමයි දන්නෑ.. ඕශි අහෙන් මෙහෙන් මට එක එක දේවල් කියුවෙත් හරි පරිස්සමට... පොඩිම දෙයක් නිසා හරි සදැස්ට ප්‍රශ්නයක් වුනොත් එයා ට ස්කෝලේ හදාගෙන තියෙන තත්වේ නැති වෙයි කියන එක ගැන මිනා හැමවෙලේම මට බර කරලා කියුවා.. ඌ නොකිය කියුවේ මට සඳූව පරිස්සම් කරන්න කියලා නෙවෙයිද..


" සඳූ මන් එන්නම්.. යන්."



මන් සඳූට කියාගෙන ඉස්සර උනා... ඒත් සඳූ මන් ඇඳන් ඉදපු ලොකු ශර්ට් එකේ පිටිපස්සෙන් ඇඳලා ආපහු මාව පිටිපස්සට ගත්තා...




" පළවෙනිපාර කියුවම අහපන් චූටි..මට යකා නග්ගන්නැතුව..!! "





සදැස් රවාගෙන කියද්දි මන් ගස්සගෙන සුපුනවත් දාලා ග්‍රවුන්ඩ් එක පැත්තට ආවා.. මූට හොඳක් කරන්න බෑනේ.. මට තනියෙන් මාව බලාගන්න පුලුවන්... මන් දත් පූට්ටු කරගෙන අත මිට මොලවන් කෙලින්ම ආවේ මිනා ළගට.. ර්‍ර්.. මේ ඉන්නේ සහයක ඩැනි..!!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now