15

864 142 31
                                    


මට දැනුනේ මහ අමුතු සැහැල්ලුවක්... මාව වරා මලක් වගේ කියලා දැනුනා... ඒක හරි අමුතුයි....ටවුමට ආපු දවසෙ ඉදන්ම මට දැනෙන්නේ මහ අමුතු හැඟීම්.....

මන් පන්තියට යද්දි ඕශි නල්ලෙයි ජබ්බයි තුන් දෙනා වට වෙලා සාකාච්චාවක්...

"හප්පේ මෙන්න ආවා..!!"


මන් හිනා වෙවී ගිහින් ඩෙස්ක් එක උඩ වාඩි වෙලා ඉදපු ඕශිගේ කරට අත දාගන්නකොට ඌ කියුවේ උගේ චූටි ඇස් දෙකත් ලොකු කරන්...

"අපි මේ හොයන්න යන්න හැදුවේ.... "

ජබ්බා කියනවා... හොයනවනම් හොයන්න එපයි..මුනුත් කියනවා විතරයි...

"දෙනියායේ සිඟිති කැකුලු පූ පැටියා පාසලේදි අතුරුදහන් වී ඇත.."

"බෑගය ඇත පූ නැත"

"ලොවම හඬයි පූ නිහඬයි"

ඕශි කියවගෙනම ගියේ හිනා වෙවී.. හරි අපුරු ටවුමේ මිත්‍රයෝ ටික.. සෙවිල්ල කෙසේ වෙතත් මරණ දැන්වීම නම් හදලා.. ලොකූ ඔයාගේ රං ට හම්බෙලා තියෙන්නේ අපායෙන්වත් හොයාගන්න බැරි යාලුවෝ ටිකක්.. හරි අපූරුයි ලොකූ උබ මාව ගෙනත් දාපු තැන... 

මහ ලොකු ටවුම..!

"මන් කියුවා අපි නෙස්කැෆේ නැතුව මයිලෝ දෙමු කියලා.. හැමදාම බොන නෙස්කැෆේ එක දැන් ඇති වෙලා පූ.."

මෙච්චර වෙලා හිනා වෙවී ඉදපු නල්ලෙත් පටන් ගත්තා... මන් හිතුවේ ඌ කට හොලවද්දී වෙන දෙයක් කියාවි කියලා.. අනේ නෑ.. මයිලො නෙවි තොපිලට දෙන්න ඕන සමන්තගේ කහට එක්ක නියගලා අල බැඳලා... ර්‍ර්...


"ඕයි ජබ්බා අද උබට අතුගාන්න තියෙන්නේ...!!!"


මිස් පත් කරපු පන්ති නායකයා මුලු පන්තියම දෙදරන්න කෑගැහුවා... ජබ්බා උඩ ගිහින් බිම වැටුනේ ඒකට... ඌ දන්නෙත් නැද්ද කොහේද... දැන් වෙන වෙනම බෙදලනේ තියෙන්නේ.. මේ රං ට තියෙන්නේ සිකුරාදා.. වෙරි නයිස් දවස නේද සමන්ත....

"අනේ වරෙන්කෝ යන්න මට තනියෙන් අතුගාන්න බෑ !!!"

ජබ්බා ඕශිවයි මාවත් අදින ගමන් නාහෙන් අඩනවා....

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now