3️⃣5️⃣😏

669 137 153
                                    

බැන බැන හෙල්මට් එක දාන සදැස් ලවන්‍ය !!!!

~~~~~~~~~~~~~~



" රං... එන්න මන් චිකන් ඩෙවල් දැම්මා.. කාලා ඉන්න... "



ලොකු අම්මා කුස්සියේ ඉදන් කෑගහනකොට මාත් එසැනින් සෝෆා එකේ.. ලොකු අම්මගේ චිකන් ඩෙවල් තමා සමන්ත ඩෙවල්...

මන් ටීවී එකත් දාගෙන සෝෆා එකේ වාඩි උනේ ෆෝන් එක චාජ් එකට ගහලා.. නැත්නම් අර ගොපලු යකාගේ රැස් හෙටත් බලන්න පුලුවන්...

සිත් යාය මත අපේ....
මල් යාය යලි පිපේ...!!

මොනවා කරන්නද සමන්ත.. සදෙව්ට කියලත් බලන්න කතාවක් නෑනේ.. බැන බැන හොරාට ඒකම බලනවා.. හේ හේ.. කාටවත් කියන්නෙපා හරිතේ...

ලොකු අම්මා බත් එක බෙදන් ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා...

" රං පුතා.. ඔයාගේ යාලුවා.... අර සදැස් හරි සීදේවි දරුවා අනේ...."






" අහ්.. ක්හෑ !! "




සමන්ත මට ඉදුනු නයි මිරිස් කරලක් එක්ක අමු පෙට්ටි මිරිස් කරලක් ගෙනත් දීපන්.. දෙයියනේ ලොකු අම්මට උගේ කොහේද සීදේවි පෙනුනේ.. මන් ආපු කැස්ස නවත්තගන්න බැරුව මහ සද්දෙන් කහින්න ගත්තේ වාඩි වෙන්න කලින්ම ලොකු අම්ම ඔබපු බත් කට ඉස්මොල්ලෙන් නහය හරහා පහළට බැහැගෙන එද්දී...




" වතුර බොන්නකෝ රං.. සිහියෙන් නෙවිනේ ඉන්නේ.. "





ලොකු අම්මා මට බැන බැන ආපහු බත් අනන්න ගත්තා.. පරිප්පු තෙල් දාලා චිකන් ඩෙවල් එක්ක චිලි පේස්ට්... පපඩමකුත් බැදලා.. මෙව්වා දිව්‍ය භෝජන සමන්ත..!!
කැස්ස ටිකක් අඩු උනාම ලොකූගේ රංගේ මලපෙරේතකම කැස්සටවත් නවත්තන්න බැරි නිසා මන් ඊලග බත් කට දාගන්න කට ඇරියා.. ලොකු අම්මත් මගේ කටටම හරියන සයිස් එකේ බත් කටක් හදලා එබුවේ ටීවී එක දිහා බලාගෙන...



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now