21

694 135 44
                                    

එළිවෙන එක පහු උනා විතරයි වෙලාව.. අර බකුසු යකා එක්ක කොච්චර තරහ තිබ්බ ද කියනවනම් මන් ෆෝන් එක ඕෆ් කරලා දාලා ලොකු අම්මාගේ බතුත් එපා කියලා කාමරේට ආවා... පෙට්ටි රතිඤ්ඤේ ...ර්‍ර්....

අමු යකා.. !! ඌ අමු යකා නම් මන් පැහිච්ච යකා !!!!

ආපු වෙලේ ඉදන්ම ඔලුවෙ වැඩ කලේ හිච්චි ලූකා පැසියෝලිට වැඩේ දෙන්නේ කොහොමද කියලා.. මූ කොමස් කරාට ලූකව දන්නෙවත් නැතුව ඇති... ඒ මනුස්සයා හර බැර වත් හොයාගන්න එකක් නෑ සදැස් වගේ බකුස්සෙක් කොමස් කරනවා කියලා දන්නෝ නම්.. ර්‍ර්.. සමන්ත....!!!!!!!!

මන් ෆෝන් එක ඔන් කරලා මුලින්ම බැලුවේ සදැස්ගේ ස්ටේටස් එක... හරි අපූරුයි... තාම තියෙනවා...

දෙනියායේ පෙට්ටි රතිඤ්ඤේ !

හහ්: මන් පෙට්ටි රතිඤ්ඤේ නම් උබ ගල්ලේ ග්‍රීස් යකා වෙන්නැති.. ඊව්.... ගොබිල සදැස්..... මන් බැලුවේ ඩීපී එක.. අමෝර් අමෝර්... තනි කලු ඇදලා..කලු කැප් එක.. අතකින් අල්ලගෙන හමෝ හමෝ.. වී අකුර වගේ පපුව.. හීනි ඉණක් තියෙන්නේ.. මරු කඳ පට්ටයි හැබැයි නේද සමන්ත..

ආඅහ්හ්හ්හ්..... සමන්ත !!!!!

ඩීපී එක සූම් කරලා බල බල ඉදපු මට රෑ එකට අඟහරුවල ප්ලූටෝ තරු පෙනුනා... අනේ දෙවියනේ.. කෝල් එකක් ගියා..අනේ සමන්ත... මගේ ඇඟිල්ල එබුනා... සමන්ත.. මන් ඉවරයි... අනේ රින්ගින් වැටෙනවා.. ඉවරයි ඉවරයි.. තක්කෙටම ඉවරයි යකෝ...!! සමන්ත මාව බේරගනින්.. කට් වෙන්නෙත් නෑ... අයි අයි යූ....

යන්තන් සන්තන් මන් කෝමහරි කෝල් එක කට් කර ගත්තා.. මූ උදේට මේක ස්ටේටස් දාවි ද දන්නෑ..ස්ටේටස් දැම්මත් කමක් නෑ යටින් මොන මඟුලක් දාවිද දන්නෑ.. අනේ ලොකූ ඔයාගේ රංගේ ලැජ්ජ නහරෙ කපලා දාපන් ලොකූ.... සමන්ත උබ ඇපඩන්ට් එකක් හදහන්කෝ.... උබ නිසා තමයි සේරම.. රෙද්ද !!!

කෝල් එක කට් වුනා විතරයි මන් පුදුම සැනසීමකින් හුස්ම පහත දැම්මා...

හම්මේ.....

Beep beeepp !!! 📞

Gopalu yaka👹️ is calling...

පහත දාපු හුස්ම මගේ කට ඇතුලෙන් අග්න්‍යාශෙ හරහා උන්ඩුකපුච්චෙට ගියාතෝ මන්දා... මොලේටත් අමතක වෙලා පෙනහළු වලට යවන්න...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now