98 🥷

449 101 312
                                    

~~~~~~~~~~~



" බූල්..!!!! "



වේගෙන් පාර මැද තිරිංග තද වුනු නව මාදිලියේ බෙන්ස් රථයෙන් කලබලෙන් තරුනයෙක් බැස ආවා.. බැස්සට වඩා ඔහු කලේ රථයෙන් පැනලා දුවපු එක.. උගුරෙන් හඬ නොනැගුනත් ඔහුගේ දෙතොල් අතර මොන මොනවදෝ නොතේරෙන භාශාවක් මිමිනෙන විට වටේ එක් රැස් වුනු පිරිස ගිලන්රථ එනතුරු බලා සිටියා..

එකිනෙකා දෙස වැටුනු බැල්මන් සමඟම ශක්තිමත් තරුණයින් දෙදෙනෙකුගේ නිසොල්මන් සිරුරු මහා මාර්ගයේ මාධ්‍යයේම රුධිරයෙන් නැහැවී ගොස් තිබුනු අතර රැස් වූවන් ඔහුන්ගේ මරණ පරීක්ශනයද සිදු කර අවසන් කර තිබුනේ ඔහුන් දෙදනා රෝහල් ගත කිරීමටත් පෙර..

කන් දෙදරවන නලා නාදයත් සමග වේගයෙන් පැමිනි කොළ පැහැ පටි ගොස් තිබූ සුව සැරිය දෙදෙනාම පරීක්ශා කර වඩාත් බරපතල යැයි සැලකූ තරුණයාව ගිලන් ඇදෙහි තබාගෙන ඉක්මන් ප්‍රථමාධාර දෙන්නට විය.. අනෙකාගේ සිහිය යන්තම් පැවති අතර අනෙක් තරුණයාගේ අධික රුධිර ගැලීම් අස්ථි බිඳීම් අසීරු ආශ්වාස ප්‍රාශ්වාසය ආදී කරුනු නිසා ගිලන් රථය ඔහුව රැගෙන වේගෙන් ඉගිලෙන්නට වූයේ ළගම ශික්ශණ රෝහල වෙතයි..


" දෙව්..!!! දෙව්.. Wait.. no no.. Y-Youre fine.. Dew..!! God plz..Jesus..!! Dont Dont do this to h-him..Plz.. Ill do anything for him..plz..God..I-I beg you.... "


කුඩා කොන්ඩ කැබැලි ඔහුගේ නළල පුරා විසිරී තිබූ අතර එක් උරහිසක් රුධිරයෙන්ම වැසී තිබුනි... නැත ඔහුගේ සිරුරෙන් නොකඩවාම රුධිරය පිටතට විදින්නට විය..ඇඹරී ගොස් තිබූ හස්තය පියවූ දෑස් භයානක ස්වරූපයක් ඉසිලීය.. මාර්ගය පුරා තරුණයන් දෙදෙනාගේ රුධිරය තැවරී තිබූ අතර අනතුර වූ ස්තානයේ අයිනක රතු පැහැ ස්කූටිය පෙරළී ගොස් තිබිනි.. එසේම ඔහුන් ඩැහැගත් බස් රථයේ ඉදිරීපස තහඩුව ඇතුළට ගිලා බැස තිබුනේ ඔහුන් වැදුනු වේගය සිහිපත් කරන්නට මෙන් වුවත් එහි අබලන් වූ ත්‍රී රෝද රථයක් නොමැති විය..


වට වූ පිරිස කෑගසමින් ඔහුව රැගෙන යාමට වාහනයක් සොයා මාර්ගයේ වාහන නතර කරලන්නට කෑගසමින් අත් වනමින් පාර මැද විය.. කලබලකාරී වුවද එකදු රථයක්වත් ඔහුන්ගේ කැගැසීමට නතර නොවුනි.... තත්වය බරපතල ය.. තත්පරයක් පසු උවද ඒ ඔහුගේ ජීවිතයේ වටිනාම තත්පරයන් විය හැකිය.. මේ අතර හැඩි දැඩි තරුණයෙක් රුධිරයෙන් නැහැවී සිටි ඔහු අසලම දණ හොවාගෙන දෙ අත් පපුව මත තබා දෙවියන් යදින්නේය.. ඔහුට වටපිටාවේ ශබ්ද පලක් නැත... මොනවදෝ තොල් අග මුමුනමින් සිහියත් අසිහියත් අතර සිටි ඔහුට දැන් සියල්ල අහිමිවී ගොස් ඇති හැඩය..




The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now