10

771 149 20
                                    

🌙

හවස හය විතර වෙද්දි ලොකු අම්මා ආවේ වඩේ මල්ලකුත් අරන්...

" රං... වතුර එකක් තියන්නකෝ මන් වොශ් දාගෙන ඇවිත් තේ හදන්නම්.. "

එයා කෙලින්ම ගියේ බාත් රූම් එකට.. නර්ස්ලානේ ඉතින්.. සේෆ්ටි ෆස්ට්... මන් වඩේ එකක් කටේ දාගෙන වතුර එකක් උනු කරා... දවල් වරුවෙම පාඩම් කරලා දැන් මාරම මහන්සී....

ලොකු අම්මා කෑමත් හදලා ඉවර වෙනකන්ම මන් කලේ ටීවී එක දාගෙන චැනල් මාරු කරපු එක....

බලන්න කිසිම දෙයක් නෑ.. ඒ අස්සේ හවස මන් ගොනා වගේ කියවපු එක මතක් උනාම මට වහ කන්න හිතෙනවා... ර්‍ර්... සදෙව් නම් මහ ගොනෙක් නේද සමන්ත..

ගොන්නුවත් මෙහෙම කරන්නෑ.. සැක් සැක්..

කෑම හදලා ලොකු අම්මා බත් එකත් බෙදාගෙන ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා.. දැන් එයා කවන එක පුරුද්දට අරගෙන... දවල් දවසෙත් හිටියනම් දවල්ටත් මෙහෙම කවාවී....

සුදු සම්බායි සැර පොල් සම්බලකුයි මාලුයි... හම්මෝ.. මෙව්වා ඉතින් දිව්‍ය භෝජන වගේ තමයි රංට..

ස්කෝලේ යාලුවෝ ගැන.. විස්තර මන් කියාගෙන ගියා ලොකු අම්මට.. එයත් මන් කියපු සේරම අහගෙන හිටියේ හිනා වෙවී...

දැන් තමා සදෙව්ගේ ටිකිරි මොලේට ආවේ සදැස් ගැන අහන්න..

" ලොකු අම්මා.. එදා අර කතා කරපු ළමයි කවුද.. බෙහෙත් ගන්න ගියපු වෙලාවේ.. "

බල්ලා ගැන කියන්නැතුව මන් ඇහුවා.. නැත්නම් ලොකු අම්මා වැරදිලා හරි ලොකූ එක්ක කියුවොත් ලොකූ මාව කනවා කොනක ඉදලා.. හවසත් මැසේජ් එකක් දාලා තිබ්බා.. අදුරන්නැති අය එක්ක කතා කරන්න යන්නෙපා කියලා..ලොකු දන්නවනේ රං ඕන කෙනෙක් එක්ක කතා කරනවා කියලා ගමෙදී.. ඒත් අලුත් ස්කෝලෙට ගියපු ගමන්ම මට වචනයක් වත් කියාගන්න බැරි උනානේ සමන්ත...

" ආහ් ඒ දරුවෝ අපිට ටිකක් ඈතින් ඉන්නේ.. අමතක උනානේ රං යද්දි බලාගෙන යන්න ලොකු බල්ලෙක් ඉන්නවා.. පාරේ අයිනේ ගෙදරක හපන් නෑ.. ඒ උනාට ඌ ඇඟට පනිනවා.. "



" හ්ම්ම්.. "






මන් කට ඉරක් කරගෙන හිනා වෙලා ආයේ චැනල් එක මාරු කරා.. ලොකු අම්මා දන්නවනම් බල්ලා පනින්න කලින් ලයිට් කණුවට එයාගේ රං පුතා නැග්ගා කියලා.. හරි ආඩම්බරයක් දැනේවී.. නේද සමන්ත.. ඒ උනාට ලොකු අම්මට තිබ්බේ තව සතියකින් විතර බල්ලා ගැන කියන්න.. හරි ආදරණීය බල්ලා...


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Donde viven las historias. Descúbrelo ahora