6️⃣6️⃣ 🥴

523 129 141
                                    


Baby,

නුබ මට නොකියනා...
රහසක් තියෙනවා.....
මගේ හිත රිදෙනවා
ඔබ හොඳටම දන්නවා...

මගේ හිත රිදෙනවා..
ඔබ හොඳටම දන්නවා...💔🥺

- මේඝ

__________________________________



නල්ලෙගේ පස්සෙන්න ස්ටේජ් එක පිටිපස්සට දුවපු මන් එහෙම්ම නැවතිලා පිටිපස්ස හැරුනා.. ඒ ජබ්බා මට කෑගහලා කතා කරද්දී...


" පූ... "

ජබ්බා බෝලේ වගේ මගේ දිහාවට දුවන් ආවා... ඌ ටිකක් තලෙලු පාටයි.. ඒක නිසා ජබ්බෙගේ මූන තව කලු වෙලා වගේ පෙනුනේ...


" දුල්ශාන්..!!! අඅ..අර පර වේ# බල්ලා ඕශි දුවපු පැත්තට ගියා.. !! ම්මට.. මට ලොකු මැඩම්ට පණිවිඩයක් කියන්න කියුවා... මන් ඒක කියපු ගමන් එනවා.. hurry up Puuh.. please...!!! "



ජබ්බා හති දදා කියද්දි මන් ඕශි දුවපු පැත්ත බැලුවා.. ජබ්බා ඌ කියපු ටික ඉවර වෙන්නත් කලින්ම මාව ඕශි ගියපු පැත්තට තල්ලු කරන ගමන් හෝල් එක ඇතුළට දිව්වා.. වයිස් මැඩම් කෙනෙක්.. !!


මන් ආයෙම සැරයක් හැරිලා පිටිපස්ස බැලුවා.. සඳූ යන්නැති ඇඳුම් මාරු කරන්න.. එයා අනිවාරෙන් මන් එනකන් බලන් ඇති... මගේ සඳූ... දෙවෙනි පාරටත් සමාව දීපන්.. මන් ඕශි ළගට යනවා... මන් උපරිම වේගෙන් දුවන්න ගත්තා..  ඕශිගෙ හෙවනැල්ලක්වත් මට හොයාගන්න බැරිවෙද්දි දුල්ශාන්ගේ චායාව අලුතෙන් හදන බිල්ඩින් එකක් පැත්තෙන් මගේ ඇස් කොනට අහු වෙද්දි මන් ඒ පැත්තට දිව්වා...




" මන් කියුවා හසිත මන් උබ එක්ක එනවා කියලා..!! එහෙමවෙලත් ප#ට ද තෝ මේඝගේ ඔලුව කන්න ගියේ...!! හසිත..!! මේ ටික කාලෙට විතරක් මට ඌ ළග ඉන්න දීපන් හු#තෝ...!!!!! "





මන් අලුතෙන් හදන බිල්ඩින් එක ළගට යද්දිම ඕශිගේ කෑගැහිල්ල මගේ කන හරහා මොළේටම යද්දි මන් උන්ගේ පිටිපස්සෙන් නැවතුනා..  දුල්ශාන්ගේ කොලර් එක ඕශිගේ අතට තද වෙලා දුල්ශාන් ඕශිව බිත්තියට හිර කරන් උගේ ශර්ට් එක ගුලි කරන් අල්ලන් හිටියේ..  උන් තාමත් මන් ආවා කියලවත් දැක්කේ නෑ.. ඕශිගේ ඇස් වලින් දිගටම කඳුලු බේරෙනවා දැකපු මට මෙච්චර දවස් හැංගිලා ඉදපු මළ යකාව ආවේශ උනා... එදා අර පොඩ්ඩෙගේ උන්ට දමාගෙන නෙලුවට ඕශිවත් මාව මෙහෙම දැකලා නැතුව ඇති..  මගේ මුලු ඇඟම වෙව්ලන්න අරන්... මගේ දත් එකට වදින සද්දේ මටම දෝංකාර දිදී ඇහෙන්න ගත්තා... සදැස් විතරක් දැකපු සදෙව්...!!





The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Dove le storie prendono vita. Scoprilo ora