4️⃣9️⃣🌮

508 108 120
                                    


The owner of Moon 🌙❤

" ටිකක් රිදෙනවා ලොකු අම්මා.. "

" මේක බීලා ඉන්නකෝ රං.. ඕක දවස් දෙක තුනෙන් හොඳ වෙයි.. මහන්සි වෙන්නැතුව ඉන්න.. "

ලොකු අම්මා මගේ ඔලුව අත ගගා කියවනවා.. මන් ඇදෙ හාන්සි වෙලා සිවිලිම දිහා බලන් හිටියා... මිනා මලිතට කෑගැහුවට පස්සේ මලිතගේ සද්දේ අඩු වෙලා යද්දි මට එතන තිබුනු ඇදේ එහෙම්ම නින්ද ගිහින්.. අතේ කැක්කුමත් එක්කම ඔලුවත් පුපුර ගහද්දි මන් හවස් වරුවෙම එතන නිදාගෙන.. සඳූ හවස බයික් එකෙන් මාව දාන්න එද්දි සුමනා මගේ උරහිසට අත තියලා කියුවා දැන් හැමදේම හරි කියලා..

ඇත්තටම හැමදේම හරි නම් කොච්චර දෙයක් ද...

දවස් දෙක තුනක්ම ගෙවිලා ගියේ කිසිම දෙයක් උනේ නැති ගානට.. අඩුගානේ සදැස්වත් ඒක ගැන ආපහු කතා කලේ නෑ.. මන් අහන්න ගියෙත් නෑ..





" කාවයියා එනෝ දුවපන්...!!! "



මායි ඕශියි ආට් එකෙ කොල්ලෝ දෙන්නා තුනකුයි පණ කඩාගෙන දිව්වේ කැන්ටින් එක අස්සෙන්.. හරිම අපූරුයි...ටවුමේ වැදගත් පුත්තු... ඩිපියුටි ප්‍රින්සිපල්ට කාවයියා කියලා කෑගහන අපූරුව නේත සමන්ත.. බලහන් උබ නැතුව මුන් හරි පාලුවෙන් හිටියේ ම්හුක්...

දැන් ඔය කාවයියට අහු උනොත් අපිට මාච් පාස්‍ට් එකට ඉන්න වෙනවා..ඒ කාලේ ඉදන්ම මන් ආසම නැති එක තමයි පපුව කෙළින් තියන් ඇවිදින එක.. ඒකත් කට්ට අව්වේ උන්ගේ හිතේ අපි සෝලා පැනල් කියලා.. යකෝ ඉර මුදුන් උනු වෙලාවටම සේරම එක්ක ග්‍රවුන්ඩ් එක මැද්දෑවට අරගෙන සී...රූවේන්න්.. හෙලුවේන්... කියලා කෑගහද්දි ඉන්න පුලුවන් මොන යකාට ද.. ඒත් සමන්ත උබේ මස්සිනා හරි කෙලින් පපුව ඉස්සරහට දාලා ග්‍රවුන්ඩ් එක මැද්දේ හිටගෙන හිටියේ නිකන් ගගේ හිටවපු පොල්ලක් වගේ.. කඳ තමයි සමන්ත කඳ සදැස්ගේ...

කලි දවසේ නම් මන් ගිහින් ඕකට කට්ට කෑවා... අද ඔක්කොම අතෑරලා අරුන් ටික පනිද්දි මාත් දකුණ කකුල පෙරට තබා උන් එක්ක පෙරලන් දිව්වේ සර්ලා මිස්ලා දහ අතේ ඒලෙවෙල් කොල්ලෝ හොය හොය දුවද්දි.. මන් හිතන්නේ මේ ස්කෝලේ ඒලවල් කරන ළමයි නෑ.. හිච්චි ගැමුනු කුමාරයා ඔක්කොටම කලින් පෙරලන් දුවද්දි සුපුරුදු පරිදි නල්ලෙගේ බෑග් එක විතරක් පන්තියට ඇවිත් තිබ්බේ ඌ වාශ්ප වෙලා ගිහින් තියෙද්දී.. අද ජබ්බා ආවේ නෑ.. ඌට පේපර් ක්ලාස් එකක් වැටිලා උදේ...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now