0003

2.5K 449 40
                                    


..

..

..

..ගනින් ගනින් ඕකා ලෙහලා ගනින්...

දෙවෙනි පීරියඩ් එකට බෙල් කලා විතරයි....පලවෙනි පිරියඩ් එකෙන් බාගයක්ම ගස් ගල් අස්සෙ රිංගලා දාඩිය පෙරාගෙන සුද්ද කරපු පිරිමි ළමයි ටික කාගෙදෝ මන්දා බත් මුල් දෙකක් උස්සන් ඇවිත් ගලක් උඩ දිග ඇරලා ලෙහන්න ගද්දි තීනුගේ ඇස් ලොකු උනා.....ගමේ ස්කෝලයක් කියන්නම පඩිපෙල්වලට වඩා තිබ්බෙම උසට හැදුනු එක එක වර්ගේ ගස් වෙනකොට...ඒ ගස් කීපෙකින් ආවරණය උනු හැංගිලා වගේ තිබුනු ගල්තලාව උඩ බත් එක කන්න කොල්ලො ටික පොරකෑවා....හෙඩ් ප්‍රිෆෙක්ද්..ඩිපියුටිද කියලා වෙනසක් නැතුවම..කොල්ලො ටික සාගතේකට අහුවුනු ගානට බත් එකට පොරකද්දි තීනුගෙ ඔලුවට මැවුනෙම බල්ලෝ රංචුවක්.....ගස් ගල් අස්සෙ මොන ජරාවක් තියෙනවද කියලවත් බලන්නෙ නැතුව පත්තර කොලේ එක්ක බැදපු තවපු කෙහෙල් කොලේ එහෙම්ම දිගෑදිලා තියෙද්දි නැති බඩගින්නකුත් ආවා උනත්..තීනු අඩියක් පස්සට ගත්තා....පේන්නේ කොල්ලන්ගෙ පස්සවල් ටික විතරයි...බත් එකේ කෑලිත් හොයන්න නෑ....

..අඩේ තිනෙතා...උබව අමතක උනා බන්..වරෙන් වරෙන් බත් කටක් කන්න...

පලවෙනි බත් එක විනාඩියක් යන්නත් කලින් ඉවරයි...දෙවෙනි බත් එක ලෙහෙනවත් එක්කම ආදිට එකපාරටම අලුත් කොල්ලෙක් ඉන්නවා නේද කියලා මතක් උනා...හැබැයි ආදි කතා කරනවත් එක්කම තීනුගෙ මූන නම් ඇඹුල් වෙලා ගියා....

..තිනෙත් නෙවේ ඒක තීනු....

..හරි බම් මොකක් හරි එකක්....වරෙන් කන්න...

..න්..නෑ..මට බඩගිනි නෑ...ඔයාලා කන්න....

ආදි ආයේ මුකුත් කියන්න ගියෙ නෑ...කොල්ලා කතා කරන ටිකටත් බත් එකෙන් බාගයක්ම ඉවරයි...එකෙක් බත් කියලා හිතලා පරිප්පු අහුරක්ම අරගෙන කටට ඔබාගෙන දැන් බත් එකේ හොදි නෑ.....අතුගාන අස්සෙ අත්‍යවශ්‍ය අංග මිරිකගත්ත ජෝඩුව වැව් මාලුවෙක්ව දෙපැත්තට අදින ගමන් මරාගන්න හදනවා...ඒ දෙන්නා දන්නෙත් නෑ මාලුවට මරාගද්දි බත් එක ඉවර වෙනවා කියලා...සිත් රූ නම් අහු උනේ කොතනින්ද එතනින් අත දාලා සුදු බත් අහුරක්ම අරන් කටට දාගත්තා..හැබැයි දෙවෙනි කට ලන් කරගන්න තරම් වාසනාවක් තිබුනේ නෑ තවත් කොල්ලෙක් ඒ අත ඇදලා ඇරන් කටට දාගත්තා...පොල් ගෙඩියක් වගේ බත් එකක් ගෙදරින් බැදලා දුන්නට කොල්ලො දහයට කටවල් දෙක ගානේ බත් එක ඉවරයි....

🍁නූශ්🍁(Zhanyi)Место, где живут истории. Откройте их для себя