0017

1.8K 411 77
                                    

..

..

..

අයි අයි මේ ලමයට කවර් එකක් හම්බුනානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.අයි අයි මේ ලමයට කවර් එකක් හම්බුනානේ..... lyz_81O5අක්කි ගොඩක් ස්තූතියි මේ ආදරේට...🤗😍.කවර් එකක් ඕනම කරලා තිබුනු වෙලාවෙ හම්බුනේ....

..
..
..

..අදත් ගෙදර බිත්තර නෑ..!

කේන්තියෙන්ම ඇස් හීනි කරලා බැල්මක් දුන්නා උනත්...තීනුගෙ කටහඩේ තිබුනෙ මහ හොර ගතියක්...අත් දෙකෙන්ම බුක් ශොප් එකේ නම ගහපු කවර දෙක උස්සගෙන...චුට්ටක් විතර අහක බලාගෙන වගෙ එයා එහෙම කිව්වේ හීනියට සපත්තුවෙන් පොලොව හාරන ගමන්...රවාගෙනම හිටිය ඇස් දෙක වටයක් කරකවලා ආයෙම චුට්ටක් හීනි කරලා....ටක් ගාලා අහක බලාගත්තෙ ලොකු වැරැද්දක් කලා වගේ....ඔව් ඉතින් වැරැද්දක් වගේ තමා...ගෙදරට ආව වෙලාවෙ ඉදන් ඒ කොල්ලට රව රව ඉදලා අන්තිම මොහොතෙ ඔහොම එකපාරටම බිත්තර නෑ කියලා පල නොකියා පලා බෙදද්දි වැරැද්දක් නොවෙන්නෙ කොහොමද.....ඒක මහ හොර වැඩක් තනිකරම.....

..ම්..?..

ධතාශ් පපුවට අත් දෙක බැදගත්තා...එයා තාම කඩුල්ලට එහා පැත්තේ...තීනු ඔය නොකියා කියන්නෙ මොකක්ද කියලා එයාට හෙමින් හෙමින් තෙරුම් යාගෙන එද්දි..හිනාවක්වත් නොදී ධතාශ් එක ඇහිබැමක් උඩට ඉස්සුවා.....

..ඉතින් මට බිත්තර දාන්නද කියන්නේ?..

ඇයි අනේ මේන් මෙයාට මොලයක් කියලා දෙයක් නැත්තේ....තීනුගෙ තිබුනු හොර බැල්ම ආයේ කේන්ති ගිය බැල්මක් උනා.....හිතා මතාම ධතාශ් නොතෙරුනු ගානට හිටියා උනත්..ඒක තේරුම් ගන්න බැරි උනු තීනු අර පොලොව හාරන ගමන් හිටිය කකුල උස්සලා දහ් ගාලා කේන්තියෙන්ම පොලොවට පාරක් ගැහුවා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now