0013

1.8K 404 135
                                    


..

..

..


ඉන්ටර්වල් එකට බෙල් එක වදිනකම්ම තීනු හිටියෙ මූන මොකක්ද කරගෙන...උගන්නන දේ අහන් ඉදලා බෝඩ් එකෙ ලියන දේ පොතේ ලියාගන්නවා මිස එයා කා එක්කවත් වැඩිය කතා කරන්න ගියෙ නෑ...දෙවෙනි පලවෙනි පීරියඩ් එක සම්පූර්ණයෙන්ම නැති උනු නිසා ගුරුවරු පුළුවන් තරම් වේගෙන් ඉගැන්නුවා වගෙම ලමයිට තව කෙනෙක් එක්ක කතා කරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ....කතා කරන්න ගියත් කතා කරන්න දුන්නෙ නෑ..ලොකු සර් බැනලා තිබ්බෙ ගුරුවරුන්ටත් එක්ක වෙද්දි...ගුරුවරු හිතේ කේන්තිය පිට දැම්මෙ ළමයි පිටින්....සර්ත් එකයි මෙ ලමයිනුත් එකයි කියලා ගුරුවරියො රවන ගමන් කියද්දිම ළමයි කට පියන් පැත්තකට උනෙ බැනුම් අහන්න ඕනකමක් නොතිබුනු නිසා...ඉතින් තීනු ඉන්නෙ මූනත් මොකක්ද කරන් කියලා කාටවත් ඒ තරම් ගානක් ගියෙ නෑ....

කොල්ලො ටික බත් මුල් ලිහාගෙන කන්න ගත්තෙ බල්ලො රැලකට මස් කට්ටක් හම්බුනා වගේ...කෙල්ලො නම් ඉන්ටර්වල් එක ඉවර වෙනකම් කාගෙ හරි ඕපයක් කියො කියෝ බත් කටෙන් කට කෑවට කොල්ලො කන්න ගත්තාම විනාඩියෙන් බත්මුල් පහ හයක් ඉවරයි...බත් කටවල් දහයක්වත් බඩට යන්නෙ නැති තරම්....ගල් ගෙඩි තරම් බත් ගෙඩි බැදන් ආවට වැඩක් නෑ ඒවා කන කොල්ලන්ගෙ බඩවල් වල ඉන්නෙ බහිරවයෝ...මේ ලෙහන බත් එක මේ ඉවරයි......

තාම දවස් තුනක් වගෙ උනත් ස්කෝලෙට ඇවිත් තීනු යාලුවො එක්ක කන්න ගානට හුරු වෙලා හිටියෙ..කට තිබ්බට මොකෝ තිනුගෙ ඇගේ සයිස් එකට හුගක් කාගන්න බෑ...ඉතින් කාටකොහොම මදි උනත් එයාට නම් ඇති...


දැන් බත් එක මදි උනා හෝ නැතා...ඒක නෙවේනේ කතාව....මූනට මූන බලන් හිටියත් තීනු නෙවෙ ඇහැක් ඇරලා බැලුවේ..මොන තරහක් පිරිමහනවද මන්දා අත හෝදන්න ගියාමත් ගස්සලා අහක බලාගත්තා...මහා පරිමාණ වැරැද්දක් කරපු ගානට ඇස් කොනින් රවලා තීනු විදගෙන යන්න යද්දි...නිශ්ක්‍රීය වෙලා තිබ්බ බෝම්බෙ ගිනිගත්තෙ මොකක් වෙලාද කියලා හිතාගන්න බැරිව ධතාශ් බලන් හිටියෙ සාක්කුවට අතකුත් දාගෙන....දැන් නම් මේක හරි යන්නෙ නැ...සද්ද නැතුව ඉන්න ඉන්න ගෑස් වැඩිවෙනවා....වැරැද්දක් නොකරම පලිගන්නවා ..නිකම් පොඩි එකෙක් වගේ...





🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now