0066

1.7K 370 112
                                    


..
..
..

චූටි කෙල්ලට තරහා ගියා....ඒ වගේම දුකත් හිතුනා......එයාට විතරක් එන්න එපා කියලා අක්කලා හැරි පොටර් එක්ක මාලු අල්ලද්දි එයාට පුළුවන් ද ඔහේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න...එයාටත් ඕන සෙල්ලම් කරන්න....චූටි අත්වලින් අල්ලන්න බැරි උනත් මාලු පස්සෙන් දුවන්න.....චස් චස් ගාලා වතුරෙ උඩ පනින්න...

ඒත් බෑනෙ...හැමෝම නරකයො වෙලානේ...කාටවත් බට්ටිව ඕන නෑනෙ...කෙල්ල ගේ ඇතුලට දිවුවෙ ලොකු අමනාපෙකින්....


..ලොතූ....අප්ප..ත්තියෝ...හ්...මේන් මෙයාලා වත්තත තෙමෙනෝ..


ගේ ඇතුලෙ තිබුනෙ සීට් උනත් කුස්සියේ සම්පූර්ණයෙන්ම තිබුනෙ තහඩු උනා....දුමට මලකඩ බැදුනු තහඩු කාලෙත් එක්කම දිරලා ගිහින් තියෙද්දි...වහිනවා කියන්නෙම ගේ ඇතුලෙ තියන හිස් බාජනවලට වැඩ වැඩි කාලයක් උනා......එලියට බහින්න බැරි තැන ධතාශ් හිටියෙ අප්පච්චි එක්ක පෝරනුවට නැගලා තෙමෙන තැන්වලට ඇතුලෙන් දිරපු තහඩු අස්සට හොද තත්ත්වෙ තහඩු කෑලි ඔබන ගමන් වෙනකොට ඇහුනු කටහඩත් එක්කම එයාලා බෙල්ල හරවලා බැලුවෙ හරි ඉක්මනටම ....

..මොකක් කිව්වා...තෙමෙනවා...!..ලොකූ ගනින් අර වේවැල...!


ගින්න නම් ඇවිලෙන්න ගියේ හරිම පොඩි මොහොතයි.....පෝරනුව උඩ හිටිය ධතාශ් වහලෙ හදන එක පැත්තකට දාලා බිමට පැන්නෙම අර කියන වේවැල හොයන්න බලාගෙන...වේවැල රදවලා තිබුනේ ධතාශ්ට ටිකක් එහායින් වෙන්න වහලෙ තහඩුවක් අස්සෙ රදවලයි....ඉතින් මොහොතයි....අප්පච්චි කිව්වත් වගේ වහලෙන් වේවැල ඇදලා ගත්තේ වහිද්දි පාඩුවෙ ගෙවල් ඇතුලට වෙලා ඉන්න බැරි උන්ව හමගහනවා කියලා හිතාගෙන...

...වහින වෙලාවටවත් මුන්ට ඇතුලට වෙලා ඉන්න බැරි හැටියක්...උනක් හෙම්බිරිස්සාවක් හදාගත්තම මුන් හිතන් ඉන්නේ බෙහෙත් ගන්න සල්ලි ගස්වලින් කඩනවා කියලද...

ධතාශ්ගේ අතෙ තිබ්බ වේවැල අප්පච්චි උදුර ගත්තෙ කෙල්ලො දෙන්නට අවලාද තියන ගමන්මයි.....අප්පච්චි ආස නෑ එපා කියලා තියෙන දේවල් කරන්න යනවට...එයාට වැඩියෙන්ම කේන්ති යන්නෙත් ඒ වගේ වෙලාවට....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now