0076

1.4K 376 92
                                    


..
..
..




..ක්..හැක්...ක්ක්.කැහ්ක්ක්...

..ක්..හැක්....

..තෝ හොර පූසා!..තවත් මොනාද බලන් ඉන්නෙ ආ..

..බලනවා තමා...බලනවා නේන්නම්...ඇයි ඇයි ආ...මගෙනේ..මගේ නම් බලනවා තමා..

..ඔව් ඔව්..තොගෙ හින්දා තමා මෙච්චර හරියක්....




ආදි දිවත් හපාගෙන අත ඉස්සුවේ තීනුට ගහන්න වගේ....ඒත් මේ තරම් වෙලා කුස්සියේ උලුවස්සෙ එල්ලිලා බිත්තිය පහුරු ගාන ගමන් හිටිය හොර ගෙඩියා පස්සට පැන්නේ ආදිටත් හොදම එකෙන් රවාගෙන...ගහන්න ගියාට ආදිට ඉතින් ගහන්නවත් බෑ...රවාගෙන හිටියට මොකෝ බෝල ඇස් උස්සලා යටි තොලේ කොනක් හපාගෙන බලන් ඉද්දි....ඒ පිරුනු කම්මුල් දිහා බලන් ගහන්නවත් හිතක් නෑ....

..මෙන්න මෙ..හෙ කැහ්ක්....වරෙන් බන්...


ධතාශ් ආදිගෙ උරහිසට අතක් දාලා ඒ පැත්තට ඇද්දා...නැත්නම් ඉතින් කොල්ලො දෙන්නා මෙතන ගෑනු වගෙ කෙහෙවලු පටලගත්තොත් එකෙක් පිටපලාගෙන මිස ඕක නතර කරන්නෑ....පිට පලාගන්න කෙනා කවුද කියලා හොදින්ම දන්න ධතාශ් .. පුලුවන් තරම් ඉක්මනට ආදිව ඇදලා එහාට කලා වගේම ඒකටත් තීනු දොරේ එල්ලිලා රවන්න ගත්තා....

තීනු ඉන්නවා කියලා ගානක්වත් නෑ...තරහා වෙලාද මන්දා මූන දිහා බලන්නෙත් නෑ.....මේ තරම් පෙනි පෙනී තීනු ඉන්නකොට ආදිට කතා කලා දර මඩුව අස් කරන්න.....අප්පච්චිව කොහෙ ගියාද කියලා හොයාගන්න බැරි වෙනකොට අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් දර මඩුව අස් කරලා දාන්න ධතාශ් ආදිව ගෙන්නගෙන..මෙච්චර මේ තීනු පෙනී පෙනී ඉද්දි දර මඩුව අස් කරන්න ආදිවම ගෙන්නන්...ඇයි දැන් තීනුට බැරි....ඕන්නම් දර මඩුව ගලවලා වහලෙට දාපු තහඩු ආයෙ හයි කරයි...නැත්නම් අර පොරවෙන් විතරක් කෑලි කරන්න පුලුවන් විසාල දර කොට උස්සන්න වෙයි.....පොල් කොල..පොල් පිති..හනසු වෙනම අඩුක් කරන්න වෙයි...එහෙනම් ඇයි තීනුට විතරක් බැරි..ඇයි එයාටත් කතා කරන්නෙ නැත්තේ...




තප්පර ගානක් උලුවස්ස ඇගිලිවලින් පහුරු ගාපු තීනු බලන් හිටියේ හරි හරියට දර මඩුව අස් කරන කොල්ලො දෙන්නා දිහා...කතා කලේම නෑනේ...කහිනවා මිස බලන්නෙවත් නෑනේ...අඩුම ගානේ රසයිවත් කිව්වද හිත හැදෙන්න..නෑනේ.. කිව්වෙම නෑනේ.. එහෙනම් මොකටද..ඒ වගේ අයව ඕනම නෑ...දුම් කාගෙන අමාරුවෙන් ලිප ගාව දගලලා දගලලා හදපු කෑම රසයි කියන්නවත් දන්නෙ නැතුව අහක බලන් ඉන්න අයව ඕනම නෑ.....තීනුට තියා නීනුටවත් ඕන නෑ....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now