0025

1.8K 424 98
                                    

..

..

..




ධතාශ් ගෙදර එනකොට හවස කරුවලත් වැටිලා...එයා බඩදරු අම්මගෙ ගෙදරත් ගිහින් ආපහු ගෙදර එනවා එක්කම කඩුල්ල ගාවදිම හම්බුනෙ මල් වට්ටියක් අතේ තියන් හිටිය චූටි කෙල්ලව..එයා අත් දෙකෙන්ම වට්ටිය අල්ලන් පහන තියන්න මල් කඩනවා...වැට ගාව ඉබේ වැවිලා තිබුනු ඒ තරම් උසක් නැති වතුසුදු ගහෙන් කඩාගත්තු මල් එකින් එක ඒ වට්ටිය පුරවල තිබුනා ...ඒ වතුසුදු මල් වගේමයි චූටි කෙල්ලත්..පිවිතුරුයි වගේම ලස්සනයි ...



...මදෙ ලෝතූ...

..කෝ අම්මා ආවද..

..ඕඕ..ආවා...

..ඔය ඇති කැඩුවා..ගෙට යන්..මදුරුවො කනවා..

..තව තුත්තයි..

..චුට්ටක්වත් ඕන නෑ යං...


ධතාශ් කඩුල්ල පැනලා ගේ ඇතුලට ආවෙ චූටි කෙල්ලත් එක්කමයි.අම්මා ආව නිසා ගෙදර ලයිට් දාලා මදුරුවන්ට දුම් කබලක් පත්තු කරලා තිබුනා...බැරි වෙලා හරි අම්මා එන්න පරක්කු උනා නම් කොල්ලා එනකම්ම කෙල්ලො දෙන්නා ගෙදර ලයිට් දාලා නෑ ඔහේ කලුවරෙ තියනවා..උන්දෙන්නට මේ ලෝකෙ සිහියක් නෑ..එක්කෝ කට ඇරන් ටීවි බලනවා...නැත්නම් අහල පහල පොඩි උන් අල්ලන් බෝල ගහනවා...කෙල්ලොනෙ කියලා උන්ටම ගානක් නෑ...




..කකුල පිච්චෙයි...


ගෙට ගොඩවෙද්දිම ධතාශ් කෙල්ලව ටිකක් එහාට කලේ පොඩි ඉස්තෝප්පු කෑල්ලෙ තියලා තිබ්බ දුම් කබල නිසා...කොයිතරම් මදුරු කොයිල් පත්තු කලත් වැඩක් නෑ හැමතැනම මදුරුවෝ...සමහර උන් කොයිල් තිබිලත් එනවා ගානක් නැතුව...ඒ කරදරේ දරාගන්න බැරිම තැන තමා හැමදාම හවස හය වෙද්දි දුම් කබලක් පත්තු කරන්නේ...වේලුනු පොල් ලෙලි දාලා..ඒකටම අඟුරු දාලා මදුරුතලා කොල පුච්චනවා...මදුරුවන්වො පන්නන්න පුළුවන් උනාට පොඩි කෙල්ලට නම් ඒ දුමට ටිකක් ඉන්න අමාරුයි....ඒ හින්දා දුම් කබල තියන්නෙම ඉස්සරහා මිදුලට වගේ වෙන්න..රෑ වෙනකම් ඕන නිවෙන්න නොදී තියාගත්තා නම් කොයිල්වලට වඩා හොදයි...



..පොඩී..!..මද්දු..!!...



ධතාශ් කෙල්ලො දෙන්නට කෑ ගහහෙනමයි ගෙට ගොඩ උනේ..කොහෙ හිටියද දන්නෙ නෑ එකපාරයි කතා කලේ කෙල්ලො දෙන්නා පිටිපස්ස දොරෙන් දුවන් ඇවිත් මේන් අයියා ගාව....හිතුවා හරි..මුන් දෙන්නා තාම ඉන්නෙ උදේ ස්කෝලෙ යන්න ගොතපු කොන්ඩෙන්...රිබන් පටි දෙකක් එහෙමමයි....හොද ඇදුම් තිබිලත් දැලි අල්ලන රෙදි කෑල්ලක් වගේ තියෙන බ්ලවුස් එකක් ඇදලා ඒකටම කොට ශෝටවල් දෙකක් ගහගෙන...ඇදුම්වල සමහර තැන්වල හිල්...කලිසමේ එක කකුලක් දිගයි එක කකුලක් කොටයි...නෑ නෙවේ ඇදුම් තියෙනවා මුන්‍ට අදින්න.ඒත් එකම ඇදුම පට්ට ගහනවා තියාගෙන....වෙලාවකට අම්මා දැලි අල්ලන්න කියලා හිතන් මුන් දෙන්නගෙ ඔය ඇදුම් කෑලි ටික අරන් යනවා...පහුවෙනිදා බලද්දි මුන් දෙන්නා ආයේ ඕක උස්සන් එන්නවා...තනිකර නාවර පෙරාගත්තු හිගන පැටවු වගේ..මොන මගුලෙ ගිහින්ද මන්දා කකුලෙන් එකයි මඩ.....



🍁නූශ්🍁(Zhanyi)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ