0060

2K 394 143
                                    


..

..

..


...තවත් මොනාද බලන් ඉන්නේ..අපේ ගෙවල් මෙහෙ නෑ... එනවා යන්න...!


තීනුට නම් ඕන් තරහ ගිහින් වගේ..එයා සීයා අත්තටත් ගස්සගෙන ධතාශ්ගේ අතින් ඇද්දෙ ආයේ වැදගෙන ආවත් එන්නෙම නෑ කියන්න වගේ බැල්මක් සීයා අත්තට දීලා.....එයත් ගස්සගෙන යන දීපංකරේක පලයන් කියලා ගේ ඇතුලට යන්න යද්දි තීනුගෙ ඇගේම බර දාලා ධතාශ්ගේ අතින් ඇදන් ගියේ හරියට එයාගෙ ගෙදර යනවා වගේ....

..මහ මෝඩයෙක්..



තිනු ධතාශ්ගේ බර අතකින් ඇදන් යන්නෙ හරි අමාරුවෙන් ...හැබැයි අමාරුයි කියලා පෙන්නන්නෙ නෑ....කටත් තද කරගෙන ඇදන් යන්නෙ...සීයා අත්තගෙ ගෙවල් පහු උනත් හරි ධතාශ් ඒ අත ඇදලා අරන් තීනුගෙ උරහිස වටේ දැම්මේ දුම්මල ගහපු යක් පැටියෙක් වගේ පාරෙ යන ගමන් හිටිය කොල්ලා දැන් පූස් පැටියෙක් ගානට ඒ අත් අස්සට හිර වෙද්දි....

..දැන් කවුද කිව්වේ අපේ ගෙදර එක්ක යනවා කියලා...

..කවුරුත් කියන්නෙ මොකටද...මං යන්නෙ මට ඕන නිසා.....ඒ මගෙ ෆාදරින් ලෝ ගෙ ගෙදර..ඒ උනාට බය වෙන්න එපා හරිද....ඉන්න තැනක් නැත්නම් මං එයාට කියලා ඔයාට දොයියන්න තැනක් ඉල්ලලා දෙන්නම්...

..ඒක මගෙත් ගෙදර බන්...

..ආහ් ඔව් නේහ්....අමතක උනානේ..

ධතාශ් හීනියට ඇගිලි මිටිමොලෝලා තීනුගෙ නලලට තට්ටුවක් දැම්මා....ඒක රිදුනෙ නැතත්.රිදුනු.ගානට කොල්ලා අත් දෙකෙන්ම නලල අල්ලන් මූන බෙරිකරන් රවද්දි.....ඒ උල් උනු තොල් පටම ධතාශ් ඇගිලිතුඩුවලින් මිරිකලා දැම්මා...ඔය කට හින්දා තමා මේ සේරම.

...එහෙම කටගහන් යන්න එපා...ඒ ඔයාගෙ සීයා...ඊටත් වඩා මෙ ගමෙ වැදගත් මනුස්සයෙක් ...

..මාත් වැදගත් මනුස්සයෙක් තමා....!

..වැදගත්කම මං දැක්කනෙ කෑ ගහපු විදිහට...

..එහෙම තමා අයිතින් වෙනුවෙන් සටන් වදින්න ඕන....

..සටන් වදින්න නෙවේ මටත් පාරක් වදීද දන්නෑ මේ යන විදිහට....


ධතාශ් තව දුරටත් බිම බලාගෙන හිටියෙ නෑ...එයා සීයා අත්තා ඉස්සරහා බිම බලන් හිටියෙම එයාට ගරු කරන නිසා...ඊටත් වඩ පරිස්සමට එක්කන් එන්නම් කිව්ව කොල්ලව පරිස්සම් කරගන්න බැරි උනු නිසා...තීනුම රන්ඩුවට පැටලුනු එක වෙනම කතාවක්..ඒත් ධතාශ්ට වගකීමක් තිබ්බනෙ එයාව බලාගන්න...ඒ පසුතැවිල්ල නිසා මිස එයා කීයටවත් බිම බලාගන්නෙ නෑ...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now