0034

1.7K 425 100
                                    

..

..

..






..ඒහ් මොකක්ද බන් උබට වෙලා තියෙන්නේ...



දසුන් එහෙම ඇහුවෙ ලී කෝටුවකින් ගහන ගමන් හිටිය අනිත් පැත්ත හරෝපු බකට් එකත් පැත්තකට දාලා.....ඇයි ඉතින් ධතාශ් එකපාරටම කඩාපැනලා එයාලගෙ වැඩේ කඩාකප්පල් කරලා දැම්මනේ....

..මොනාවෙන්නද...



ධතාශ්ගෙත් තීනුගෙත් එකට පැටලුනු අත් කාගෙන්වත් හංගන්න බැරි උනා.....කැරකිල්ලා නිසාම තීනු ඒ එකට පැටලුනු අතටම එයාගෙ මූන තද කරන් ඉද්දි...කවදාවත් නැතුව ධතාශ් පිට කෙනෙක්ට මේ තරම් ලංවෙලා ඉන්නවා දැකපු ආදි නම් බලන් හිටියෙම යකෙක් ගහපු ගානට....මුල් දවස්වල කවුරුහරි ලගට ආවත් බයෙන් එහාට යන පොඩි පගයත් හරි ලස්සනට කොල්ලගෙ අතේම එල්ලිලා ඉද්දි එතන දෙපාරක් හිතන්න දෙයක් කාට නැතත් ආදිට තිබුනා....



..ශික්..උබ මැද්දෙන් පැනලා අපේ ආතල් එක කෑවනෙ බල්ලෝ....

...අර කියන්නා වගේ තොට තියෙන්නෙ පැලියාව..

..ඕන එකක් හිතාගනියවු...සීමාව දැනගෙන.....

..සීමාව දැනගෙන නේන්නම් පගෝ අපි මේ ඉන්නේ....

...........

...ටොයිලට් ලගට වෙනකනු‍යි පිට්ටනිය කෙලවර වෙනකනුයි තමා අපේ සීමාව...ආයෙ මොන සීමාද...

..මං කියන්නෙ මගේ සීමාව.....

..ආයෙ මගුලක් කියනවා...තොට මට වගේම මේ ඕන එකෙක්ට අයිති සීමාව අඩි හයක් යට තමා...ඔයිට වඩා සීමා නෑ....

..ඒකනෙ දරුවා...සියලු දේ අනිත්‍යයි ....සියලු ලෝක ධර්මයන් නැසෙන සුලුයි....එනිසා නොපමාව කුසල් දහම් රැස් කරන්න...ශාන්තී...ශාන්තී...





තීනු හොරා වගේ ඇස් පියන් බොරු අමාරුකමක් දාගෙන ඉන්න හැදුවේ...ඒත් කොහෙද ඉතින් ....මේ තරම් වෙලා කටපියන් හිටිය චමුදිත අතකුත් ඉස්සරහට කරන් හාමුදුරුවෝ නමක් වගේ බන කියලා අන්තිමට ස්වාමි කෙනෙක් වගේ ශාන්ති ශාන්ති කියද්දි..හිනාව පාලනය කරගන්න කොල්ලා තොල් තද කරගත්තා...ධතාශ් කියන්නෙ එකක් මුන් කියන්නෙ තවත් එකක්...




🍁නූශ්🍁(Zhanyi)Där berättelser lever. Upptäck nu