0050

1.7K 409 86
                                    


..

..

..

....


පාසලක ක්‍රීඩා උත්සවයකදි බෙදිල තරග කරන කන්ඩායම් නියෝජනය කරන්නේ අදාල පාටවලින් වගේම ක්‍රීඩා පිට්‍ටනියෙ හැදෙන නිවාස..ඉතින් ඒ නිසාම නිවාසෙ හදනවා කියන්නෙ ලොකු වගකීමක්...නිවාසෙ ස්වාභාවික බවට...ඇතුලෙ තියෙන ඉඩ ප්‍රමාණයට..නිර්මානාත්මක බව..නාම පුවරුව වගේම ආරාදිත අමුත්තන් නිවාසයට පිලිගැනීම කියන කරුණුවලට අනිවාර්යයෙන් ලකුනු ලැබෙනවා....නිවාසෙ පරික්ශා කරන්න එන ආරාදිතයන්ව පිලිගන්න ළමයි දෙන්නෙක් අන්දලා ඒ වගේම නිවාසෙ ඇතුලෙ ලෙඩ ඇඳක් හදලා රෝගියෙක් වගේම රෝගියට සාත්තු කරන්න සාත්තු සේවිකාවක් ඉන්නත් ඕන..ඒ වගේම ආරාදිත අමුත්තන්ට කෑම බීම ලෑස්ති කරන්නත් වෙනවා...ඒ වගේ සුලු දේවල් ගෑනු ලමයිට බාර දීලා පිරිමි ළමයි ලෑස්ති උනේ නිවාසෙ හදන වැඩ ටික ගැන බලාගන්න...

පහල පිට්ටනිය හුගක් ලොකුයි...ලොකුයි කිව්වට එක වටයක් මීටර් දෙසීයක් වෙන පිට්ටනියක්...එක කෙලවරක තිබුනෙ ලොකු කුඹුක් ගහක්...නිවාස ගහන්න හොදම තැන තමා ඒ කුඹුක් ගහ යට..හෙවන තියෙන නිසා නිවාසෙ පොඩි ලමයිට එහෙම වාඩිවෙලා ඉන්න එතන හුගක් ලේසියි...ඒ හැර පිට්ටනියෙ අනිත් කෙලවරවල්වල අවුව හුගක් සැරයි....ළමයි ඉන්න කැමතිත් නෑ..නිවාස හදනකොටත් ටිකක් අමාරුයි...හැම අවුරුද්දෙම වගේ කුඹුක් ගහ යට ඉඩ හ්ම්බුනේ ලිහිනි නිවාසෙට...කුඹුක් ගස්වල දෙවියෝ වැඩලා ඉන්නවා කියන පිළිගැනීමක් තියෙන නිසාදෝ ලිහිනි නිවාසෙ පලවෙනි තැන ගන්න ඒක හේතුවක් කියලා ලමයි අතරෙ පිළිගැනීමක් තිබුනා....ඒ නිසාම කුඹුක් ගහ යට නිවාසෙ ගහන්න ගුරුවරු එකතු වෙලා මෙ වතාවෙත් තුන්ඩු දැම්මා......ඔන්න අවුරුදු ගානකට පස්සෙ ලිහිනිට කුඹුක් ගහ යට තැන නැති උනා..මේ වතාවෙ කුඹුක් ගහ යට නිවාසෙ ගහන්න හම්බුනේ හංසට.....මයුර මැද....හරියටම අවුව වැටෙන හෙවනක්ට තන්කොල ගහක්වත් නැති තැන.......මොන අවාසනාවක්ද මන්දා.....


ධතාශ් ඉනටත් අත් දෙක තියාගෙන පිට්ටනිය මැද හිටගෙන බලාගෙන හිටියෙ එයාලට දීපු තැන දිහා...කාශ්ටකේ දරාගන්නම බෑ....ඔලුවත් එක්ක රිදෙනවා...ඒත් කොහොමද බෑ කියලා වැඩ අතපසු කරන්නෙ...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now