0042

1.8K 406 84
                                    

..

..

..


පාසල් ශිශ්‍යයෙක්ගේ වචනෙන් කියනවා නම් සදුදා උදේ රැස්වීම කියන්නෙම සාපයක්.....ගාතා කියන ටිකටත් කොල්ලො කෙල්ලෙ වැදගෙන නිදි කිරනවා...රැස්වීම මෙහෙයවන කෙල්ල ගාතා ටික කියනවා නෙවේ ස්වර ගායනා කරන්න වගේ බුද්දා.............ං සරනා.............ං ගච්චා..................මී කියලා වචනෙන් වචනෙට අදිනවා ඇදිල්ලත් දෙවෙනි වචනෙ කියන්න කලින් අතරමගදි ඈනුමක් යන තරමට......ඔලුවත් පාත් කරගෙන නලලින් තියාගන්න ඕන අත කටගාවට කරන් ළමයි කරන්නෙම ඈනුම් අරින එක...ගුරුවරු පවා හොරෙන් හොරෙන් ඈනුමක් දෙකක් අරිනකොට හැමදාමත් වගේ ලොකු සර් නම් හිටියෙම ගල් ගිලලා වගේ ගානක් නැතුව.....


...සුබ උදෑසනක් ප්‍රිය දරුවනි....



ඔන්න ඉතින් ලොකු සර් කතා කරන්න පටන් ගන්නත් කලින් එකා දෙන්නා තනි කකුලට බර වෙලා පහසුවෙන් ඉන්නවා වෙනුවට ඇබරිලා ඉන්න ගත්තෙ කොහොමත් හැමදාමත් වගේ ඔය කතාවෙ ගන්න දෙයක් නැති නිසා.....ඒත් මුලින්ම කතාව පටන් අරන් සර් කිව්ව දේත් එක්ක ඇද වෙලා කුදු වෙලා ඇබරිලා හිටිය ළමයි ඉද්ද ගැහුවා වගේ කෙලින් උනේ බලන් ඉද්දිමයි.....මොකද ඒ කිව්ව කතාවට පුළුවන් උනා කොල්ලන්ගෙ වගේම කෙල්ලන්ගෙත් හැගීම් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න..





...මේ මාසෙ අවසන් වෙනකොට ක්‍රීඩා උත්වසය පවත්වලා ඉවර කරලා තියෙන්න ඕන කියලා අධ්‍යාපනය අමාත්‍යංශෙන් චක්‍රලේඛයක් එවලා තියෙනවා...මේ මාසෙ විතරයි..ලබන මාසෙන් පස්සෙ ඒකට අවසර නෑ......මේ වතාවෙත් අපිට පාසලේ ආර්ථිකය එක්ක අපහසුයි කියලා මග ඇරලා දාන්න බෑ....මං දන්න තරමින් හුගක් හැකියාවන් තියන දක්ශ දරුවෝ කාලෙ ගෙවෙන්න ගෙවෙන්න ඈලි මෑලි වෙනවා......එහෙම උනොත් ඒක ඒ දරුවන්ගෙ හැකියාවට පාඩුවක්...ඒ නිස ගුරු මන්ඩලයයි මායි එකතු වෙලා තීරනය කලා මේ අවුරුද්දේ ක්‍රීඩා උත්වසය පවත්වන්න....



දැන් තමා ලමයිගෙ මූනු බලන්න ඕන...පුදුම ලස්සනයි ...පහුගිය අවුරුද්දෙ තිබ්බෙ නැති ක්‍රීඩා උත්සවය මේ අවුරුද්දෙ තියනවා කියලා ඇහුවත් හරි ඒ මූනූවල මල් හතයි...ඉන්න තැනත් අමතක කරලා ළඟ ඉන්න කෙනා එක්ක පිටිපස්සට හැරිලා.ලමයි ටික කුටු කුටු ගාන්න ගත්තත් හරි සර් ඉක්මනට උගුර පාදාලා එයාලව නිශ්ශබ්ද කලා.....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now