0008

2K 417 45
                                    


..
..
..






..මොකක්ද ඒ....



තීනු විතරක් නෙවෙ..මුලු පන්තියම වගේ ගැස්සිලා බෙල්ල හරෝලා බැලුවෙ ඒ ආව සද්දෙට...ලිය ලිය හිටිය ලමයිනුත්..බෝඩ් එක පැත්තට හැරිලා හිටිය සින්හල මිසුත් කලබලෙන්ම ඒ සද්දෙ ආවෙ ඇයි කියන්න පිටිපස්සට හැරුනා ..මොකද එකපාරටම පන්තිය ගාව තියෙන අබ අතු දිරලා ගිහින් පන්තියේ වහලෙට කඩන් වැටෙනවා..ඒ නැත්නම් කාලෙකින් අලුත් වැඩියා නොකරපු පරන ඇස්බැස්ටෝස් සීට් කෑලි කඩාගෙන පන්තියට වැටෙනවා..අනතුරුදායකයි තමා...ඒත් එහෙම කියල ආධාර දීලා හදවන්න කෙනෙකුත් නෑ ....කොයිවෙලාවෙ කඩාවැටෙයිද කියලා බයෙන් එලිමහනෙම උගන්නන්නත් බෑ...

ඒත් මේ වතාවෙ එහෙම දෙයක් නෙවේ...වහලෙ හොදට තිබුනා..කිසිම අනතුරක් නෑ...ඒත් බිම...පන්තිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිලා තිබුනා....සිංහල ඉගෙන ගත්තේ කීප දෙනයි...ඒ නිසා ගෑනු ලමයිගෙ අන්තිම පේළියේ ඩෙස් තුනක් සම්පූර්ණයෙන්ම හිස් වෙලා තිබුනා...ඉතින් මොනා උනාද දන්නෙ නෑ ඔය ඩෙස් තුන පුටුත් එක්ක මහ සද්දෙන් එක පිට පෙරලිලා වැටිලා තිබ්බෙ පන්තියම හොල්ලගෙන.....කෙල්ල්න්ගේ ඩෙස්ක් වල ලාච්චුවල තිබ්බ පොත් පත් වගේම බෑගුත් හතර අතේ විසිරිලා තිබ්බේ සුනාමියක් ආපු ගානට...



..මේ මොකද මේ....!......

සින්හල මිස් කෑ ගැහුවෙම ගුරු මේසෙට අතින් පාරක් ගහගෙන....ඩෙස් වගයක් පෙරලිලා..ලමයිගෙ අවදානේ එතනට හැරිලා පාඩමට බාදා වෙලා තියෙද්දි මොන ගුරුවරයටද තරහා යන්නෙ නැත්තේ ..මිස් කෑ ගහනවත් එක්කම ළමයි ටික මිස් දිහා හැරිලා බලලා ආයෙම පිටිපස්සට හැරුනේ අහපු දේට උත්තරේ දන්නවා වගේ.....කීප දෙනෙක්ගෙ ඇස් බිමට වැටුනු ඩෙස්ක් ළඟ තියෙද්දි තවත් කීප දෙනෙක්ගෙ ඇස් හැරුනෙ ලෝකේ පෙර්ලුනත් දන්නෙ නැති ගානට තාමත් ඩෙස්ක් එකෙ ඔලුව තියන් නිදාගෙන ඉන්න රූපයක් ලගට...

..හුලගට වෙන්න ඇතිනේද මැඩම්..හුලගත් සැරයිනේ...

සිත් රූ මෝඩ හිනාවක් දාල නැගිට්ටේ ඒ විදිහට ඩෙස් පෙරලිලා තියෙනවා දැක්කොත් කෙල්ලො ටික බෙලෙක් කටවල් හොල්ලල කෑ ගහන්න ගන්නවා කියලා දන්න නිසා..ඒත් ඒ පෙරලුනු ඩෙස් ලග හිටියෙ එකම එක් කෙනෙක් වෙද්දි කාටවත් අටුවා ටීකා ඕන උනේ නෑ එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා කියන්න...ගෑනු ළමයි ටිකත් දඩි බිඩි ගාලා නැගිටල වැටුනු පොත් අහුලද්දි..උදවු කරන්න යන්න හිතුනත් තීනු බලාගෙන හිටියෙ එක් කෙනෙක් දිහා.....ඕනාවටත් වඩා වැවුනු කොන්ඩෙ එක්ක ඔලුව ඩෙස්ක් එකට ගහන් ඇහුනත් නෑහුනු ගානට ඉන්න කෙනෙක් දිහා.....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now