0016

1.9K 411 94
                                    


..

..

..



ටක් ටක් ටක්....


ඔරලෝසුවේ කටු කැරකෙන්න ගත්තෙ ඒකාකාරී වේගෙකින්...සම්පූර්ණයෙන්ම පාහේ නිහඩකමක ගිලිලා තිබුනු ගේ ඇතුලෙ ගැබුරු නිශ්ශබ්දතාවය අස්සෙන් දෝංකාර දුන්නෙ ඒ හඬ විතරමයි....ඉදහිටක ඇහුනු කහින සද්දයක්....බර හුස්ම පිට කිරීමක් ඇරෙන්න...හැමදේම සාමකාමීව තිබුනා..

විනාඩියකට විතරක්.....



..ස්ස් .ලොකු....ලොකූ...ලොකූ නැගිටිනවකෝ ඕයි...



එයා හිටියෙ බර නින්දක..මහ රැ උනත් ඇග තෙත් වෙන තරම් දාඩිය ගලන උනුහුමක් තියෙද්දි...ධතාශ් හිටියෙම උඩුකය නිරුවතින් මුනින් අතට හැරිලා....එක් කෙනෙක්ට විතරක් නිදාගන්න පුළුවන් ඇදේ කවුදෝ කෙනෙක් යාන්තමට කොනකින් වාඩි වෙලා හොල්ලද්දි..නැගිටින්න කියද්දි කොල්ලා අමාරුවෙන් ඇස් ඇරියේ ඇස් පොඩි කරන ගමන්...

..මොකද වදේ...

මනුස්සයෙක්ට මේ ලෝකේ වැඩියෙන්ම කේන්ති යන්නෙ සැප නින්දක ඉද්දි බලෙන්ම කවුරුහරි ඇවිත් ඇහැරවන වෙලාවට....ඉතින් ධතාශ්ටත් දැන් පුදුම තරහයි....නිවුන්නුන්ගෙන් මොකීද කියන්න දන්නෙ නැති එකියක් කාමරෙ ලයිට් එකත් දාලා ගෝනි බිල්ලෙක් වගේ රෙද්දක් බෙල්ල වටේ ඔතන් කතා කරද්දි...කොල්ලට හිතුනෙම පයින් එකක් ගහලා එලියට දාන්න...ඇයි දෙයියනේ වෙලාව කීයද....මහ පාන්දර මුන් මොකද ඇවිත් වද දෙනවද.....


..ලොකූ නැගිටිනවකෝ...

..එලිබහින්න ඕන නම් අම්මා එක්ක යනවා වදේ ..මට බෑ මුර කරන්න එන්න....


කෙල්ලටත් බැනගෙනම කොල්ලා අනිත් පැත්ත හැරිලා ආයෙ නිදාගත්තා...නින්ද කැඩුණු නිසාදො ඔලුවත් එක්ක බරයි ..දැන් ඉතින් ආයෙ නින්ද යන්න වට ගානක් ඇදේ පෙරලි පෙරලි ඉන්න ඕන....රෙද්ද...!

..ඒ මගුලක් නෙවේ ලොකූ...නැගිටලා මට මේ ගාන කියලා දෙනවකෝ...

..උදේට අහපන් බන්...

..උදේ පන්තිනේ ලොකුවෝ...මේක හදලා දෙනවකෝ...

..ආ නෝනාහාමුට උදේ තියන පන්තියට රෑද ගනන් හදන්න මතක් උනේ..කෝ අනික් රාජ කුමාරි..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now