0028

1.8K 419 182
                                    

..

..

..

..කිව්වෙ නෑනේ..මට නම කිව්වෙ නෑනේ...


ස්කෝලෙ ඇරිලා පැයක් ගිහින්...තීනු ගෙදර ඇවිල්ලත් පැයකට ලන් උනු වෙලාවක් ගිහින්...සීයා අත්තටත් මොනවදෝ කියාගෙන ගෙට ගොඩ උනු තීනු ආව වෙලාවෙ ඉදන් තවම ශවර් එක යට....බාතෲම් එකේ ටයිල් බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන මෙයා බනිනවා...හරියට ඔලුව තෙමෙන්නෙත් නෑ...හොරෙක් වගේ අතක් උස්සලා ශවර් එකට අල්ලනවයි ආයෙ කකුලක් උස්සලා වතුරට අල්ලන් ඉන්නවයි විතරයි..ඔලුවට ගාපු ශැම්පු තලියක් වේලිලා.ගිහින් සබන් පෙන හොයන්නත් නෑ....ඇගේ ගාන්න කියලා කොහොබ සබන් කෑල්ලක් අතට ගත්තට මොකෝ දැන් ඒක මිරික මිරික මෙයා එක් කෙනෙක්ට බනිනවා..


..කිපාරක් ඇහුවද..ඒත් නැ..මට හැර අනිත් සේරටම කියලා...මට තමා කියන්න බැරි....


ඉස්සර වගේ නෙවේ දැන් එන කොහොබ සබන් කෑල්ල අල්ලටවත් මදි..විසබීජ නසයි නැවුම්ව තබයි කියලා බයිල ගැහුවට ගන්නුත් වැඩි කරලා දැන් කොහොම සබන්වල ඇති සුවදකුත් නැ...මිල අඩු කලා ගුන වැඩි කලා කියලා දැන් සබන් කෑල්ල ඇහැටවත් පේන්නෙ නැති තරම්...තීනුගෙ ඇගිලිවලට හිරවෙලාම ඒකත් දැන් ගැබුරටම හිල් වෙලා...

මුල් කෑල්ල ධතාශ් ...ඒක හරි...දෙවෙනි කැල්ල තීර්ථ ...දැන් ඒකත් දන්නවනේ.එතකොට තුන්වෙනි කෑල්ල..එහෙම එකකුත් තිබ්බානෙ කිව්වෙ නැති උනාට.."H.K.D.T.A සමරදිවාකර" ....තුන්වෙනි කෑල්ල පටන් ගන්නෙ A වලින්....තීනුගෙ නමටත් A වලින් කෑල්ලක් තියෙනවා....එයා අකින්ස නේ...එතකොට ධතාශ්ගේ නමේ අග කෑල්ල....ඒකත් අකින්සද දන්නෙ නෑ....දෙන්නගෙ නම් දෙකත් එක වගේ උනොත් කොච්චර ශෝක්ද...නැනෑ..ඒක වෙන්න බෑ.....ධතාශ් තීර්ථ අකින්ස කියන නම ගැලපෙන්නෙ නෑ..එහෙනම් ධතාශ් තීර්ථ ...තීර්ථ...ම්හ්ම්....එතනින් එහා හිතාගන්න බෑනේ....අග කෑල්ල ඇත්තටම මොකක් වෙන්න ඇද්ද..

තීනුට හරියට ප්‍රශ්න...එයා නාන්නෙ නැතිව ධතාශ්ගේ උප්පැන්න සහතිකේ ලියන්න හදනවා...ඒ කොල්ලට නමක් තියෙද්දි මෙයා නමක් දාන්න යනවා...ඔය තියෙන්නෙ වෙන මොනවත් නෙවේ ඇහුවාම නම කිව්වෙ නැති තරහා....හැමෝම විතරක් දැනගෙන එයා විතරක් නොදන්න නම ගැන තරහා...


🍁නූශ්🍁(Zhanyi)On viuen les histories. Descobreix ara