0069

1.8K 375 142
                                    


..
..
..


..කොලබ ගීන් නෑ....ඇත්තටම ??..

තීනුගෙ ඇස් නම් බලන් ඉද්දිම ලොකු උනා......ගානක්වත් නැතුව ඇස් දෙකත් තද කරල පියාගෙන කොලබ ගිහින් නෑ කියපු හැටි....කොහොමද එහෙම නොයා ඉන්නේ....ඒක හරි පුදුමයිනේ...ඇස් පියන් හිටියට මොකො තීනු ධතාශ්ගේ මූනට එබුනේ රෝස පාට තොල් චුට්ටිත්තක් විතර බෙරි කරගෙන..

...කතා කරන්නකෝ හලෝ..ඔහොම නිදාගත්තාම හරියනවද...ම්හ්ක්...ඇයි හලෝ ඔහොම...චුට්ටක් ඇස් ඇරලා බලන්නකෝ...

බොරුව තියෙන්නෙ බොරුව...ඕකනම් තනිකරම බොරුව....තීනුට යන්න දෙන්නෙත් නෑ එයා කතා කරන්නෙත් නෑ.....හරියට පැනලා යයි වගේ ඉන වටේ අත් යවලා තුරුලු කරන්ම ඉන්නවා....ඔය කිව්වට ඉතින් තීනුටත් පැනලා යන්න ඕනකමක් නෑ තමා...ඒත් එහෙමයි කියලා කතා නොකර ඉන්න ඕනත් නෑනෙ...චුට්ටක් කතා කලා කියලා මොනා ගෙවෙනවද.....කතා කරන පාටක්ම නැති නිසා තීනු හොරා වගේ ධතාශ්ගේ ඇග දිගේ උඩට බඩගාන් ඇවිත් මූනට එබුනා...මදි පාඩුවට කියලා හීනියට නියපොතුවලින් ධතාශ්ගේ කන් පෙත්තක් අල්ලගත්තා...

..ගිහින් නැති උනාට කමක් නෑ..මං එක්ක යමු හාද...මං දන්නවා කොලබ ගැන හොදට...ගියාම අපිට පුළුවන් ඇවිදින්න යන්නත්....

..ආසාවට ගෙයින් බහින්නෙ නැති මිනිහා දන්නවා ඇති මේන් කියලා....

..මිනිහා.?..කාටද මිනිහා කිව්වෙ ඈ...දතාස්...කතා කරනවා කාටද මිනිහා කිව්වේ...තීනුටද...ආ මෝඩයෝ තීනුටද කිව්වෙ....ම්හ්ම්...එපානෙ ඉතින් එහෙම කියන්න....තීනු මිනිහෙක් නෙවේනේ...තීනු කොල්ලෙක්නේ...ඈ හලෝ...ඇහෙනවා නේද....තීනු කොල්ලෙක්නේ...

..තව ටිකක් කැපිච්ච පනුවා වගේ ඇග උඩ නැටුවොත් වැඩිකල් නොයා කොල්ලගෙන් මිනිහා වෙයි....




ඇස් නෑරම ඇහෙන නෑහෙන ගානට කිව්ව කතාව නම් තීනුට ඕනාවටත් වඩා හොදට ඇහුනා...මුලින්ම මිනිහෙක්ලු...ඊට පස්සෙ කොල්ලෙක්ලු...මොනාදෝ විකාරයක් එයත් කියෝනවා...තීනුට නම් හිතාගන්න බෑ..ඒ මදිවට ඇග උඩ නටන්නත් එපාලු...චුට්ටක් දැගලුවා කියලා මොනාවෙනවද ඉතින් ...තීනු කියන්නෙ මිනිහෙක් නෙවේ කියලා කන්කෙදිරි ගෑවා විතරයිනේ...ඕනනම් ටිකක් දෙපැත්තට පැද්දෙන්න ඇති ඊට වඩා මොනාද....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now