0052

1.5K 407 88
                                    

..
..
..


..ලොකූ...හ්....ලොකූ...හ්හ්....කොල්ලෝ නැගිටපන්....

..ම්හ්ම්...මොන වදයක්ද මන්දා...


ධතාශ් හිටියෙ ගොඩක් අමාරුවෙන්...රෑ එකොලහ විතර වෙනකම් නිවාස හදලා ඇගේ මහන්සියටම ඇදට වැටිලා ඇස් පියාගත්තා විතරයි....පැයක්වත් හරියට නිදාගන්න දෙන්නෙ නැතුව අප්පච්චි කාමරේ දොරට ගහද්දි කොල්ලට නොරිස්සුමක් දැනුනා...ඇස් දෙකවත් ඇරගන්න බැරිව පුවක් කොට උස්සලා, උන බට බැදලා ඇගට මෙච්චරයි කියාගන්න බැරි අමාරුවක් දැනෙද්දි...නින්ද ඉල්ලලා අඩපු ඇස්වලට විවේකයක් දෙනකොටම...මොන හේතුවට උනත් රෑ මැද ඇහැරවද්දි අප්පච්චිට උනත් කෑ ගහන්න හිතෙන තරමට කොල්ලට කේන්තියක් දැනුනා.....ධතාශ් උනත් රවුම් ගහලා කොල්ලො එක්ක බෝක්කු ගානෙ ලැගලා ඇවිත් නෙවේනෙ..මහන්සි වෙලානෙ ඉන්නේ....දවල්ට කෙල්ලො දෙන්නා මොනාහරි කියලා වද දෙද්දි රෑ වෙලා අප්පච්චි කතා කරනවා...එක්කෝ මීයෝ බඩු පෙරලනවා කියන්න නැත්නම් බල්ලා බුරනවා මොකද කියලා බලන්න.....එපා වෙනවා වෙලාවකට...

ධතාශ් ඇදෙන් නැගිටින්න තිබුනු කම්මැලිකමට වඩා ඇගේ අමාරුවට ආයෙමත් කොට්ටෙට මූන ගහගත්තා......ඒ උනත් අප්පච්චි ඊලගට කිව්ව දේත් එක්ක උන් හිටි තැන අමතක වෙලා ධතාශ් අප්පච්චිවත් පෙරලන් දොර ඇරගෙන දිව්වෙ උඩට කමිසයක්වත් නැතුව....


..නැගිටපන් කොල්ලෝ ආන් අරහෙ සුදු මහත්තයා ඔලුව පලාගෙන......



ධතාශ්ට මතක තිබ්බෙ නෑ එයා ගෙදරින් එලියට ආවෙ කොහොමද කියලවත්.....ඒ වෙනකොටත් හැමදාම ධතාශ්ට පණිවිඩ අරගෙන එන අල්ලපු ගෙදර කොල්ලා අප්පච්චිටත් පනිවිඩේ දීගෙන දොරකඩ හිටගෙන හිටියා.....හරියට ඇදුමක්වත් ඇදගන්නෙ නැතුව ලොකූ යන්න යද්දි...අප්පච්චිත් ඒ පස්සෙන්ම දුවන් ගියේ සුදු මහත්තයට අමාරුවක් නැත්නම් කීයටවත් මේ මහ රෑ ධතාශ්ට පණිවිඩ එවන්න හේතුවක් නෑ කියලා හිතුනු නිසා......


හැමදාමත් වගේ සීයා අත්තට කතා කරගෙන ගෙට ගොඩවෙන කොල්ලා අද කතා නොකරම ගේ ඇතුලට දිව්වෙ පනිවිඩේ අරන් ආව කොල්ලත් පස්සෙන් දුවන් එනකොට....තීනු ඔලුව පලාගෙන..!...අප්පච්චි කිව්වෙ එච්චරයි....හරියට විස්තරයක් අහගන්නවත් වෙලාව නාස්ති නොකර ධතාශ් ගේ ඇතුලට දුවගෙන ආවෙ ගැහෙන හදවතින්....මොකද එයාට හොදක් දැනුනෙ නෑ....මේ මහ රෑ පනිවිඩ එවන්න තරම් ඔලුව පලාගෙන කියන වචන දෙක ඇතුලෙ ඔලුව සීරිලා හෝ ඔලුව ගෙඩි ගැහිලා හෝ කියන සරල තේරුම් දෙක ඇති කියලා හිතන්න තරම් එයා මෝඩ නෑ.....ඒත් අප්පච්චි කියන්නා වගේ ස්කෝලෙ සියගෙ වත්තෙ කාක්කෙක් ජරා කලත් කතා කරන්නෙ ධතාශ්ටම වෙද්දි.....ගේ ඇතුලෙ උලුවස්ස පනිනකම්ම කොල්ලා හිතින් දාස් වාරයක් පැතුවා ඒක පොඩි සීරීමක්..තැල්මක් වගේ දෙයක් විතරක්ම වෙන්න කියලා.....

🍁නූශ්🍁(Zhanyi)Opowieści tętniące życiem. Odkryj je teraz