0029(Bonus)

1.8K 436 100
                                    

..
..

..




..තමුසෙ කොහොමද මගෙ බිත්තරේට අත උස්සන්නෙ ආහ්හ්හ්හ්හ්....

එතන තිබුනු වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කනපිට හැරෙන්න ගත උනේ හරිම සුලු මොහොතයි...මිනාශිගෙ බිම වැටුනු තුනට කඩන පොඩි කුඩේ කෙනෙක්ගෙ ඇගිලිවලින් උඩට ඉස්සුනා වගේම ඊලග මොහොතේ කටගහන් ආව කෙල්ලගෙ උරහිසක තදට වැදීගෙන ඒක පැත්තට විසි උනා...කොහෙන්ද ආව නොදන්න තමන්ගෙම කුඩෙන් පාරක් කාගෙන මිනාශි පිටිපස්සට විසි වෙද්දි ...රන්ඩුවට ලෑස්ති වෙලා හිටිය පිරිමි ළමයි සේරම ගැස්සිලා ගිහින් පිටිපස්සට හැරුනා....

කලු මාස්ක් එකකින් මූන වහගත්තු පොඩි පිරිමි ළමයෙක්...ලොකු උසක් නැතත් ..ඇගේ සයිස් එකටවත් වඩා කටේ සද්දෙ තියන කොල්ලෙක්...සෙනග අස්සෙන්ම කෑ ගහගෙන ඇවිත් බිම බලන් අසරනව හිටිය ධතාශ්ගේ ඉස්සරහින් හිට ගන්නකොට...උනේ මොකක්ද කියලා හිතන්නත් කලින් හැමදේම වෙලා තිබුනා....

..තමුසෙව අතාරින්නෙ නෑ මං.....

මිනාශිට පුළුවන් උනත් ධතාශ්ට බෑ හිත හදාගෙන තමන්ගෙම නන්ගිට අත උස්සන්න...ඒ උනත් ලේ බැඳීමක් තියා හරිහැටි අදුනන්නෙවත් නැති ඒ අහංකාර කෙල්ලව තීනු මරන්න පුළුවන් නම් ඒකත් කරලා...උනු දෙ එක්ක ධතාශ්ට පියවි ලෝකෙට එන්නත් තප්පර ගානක් ගත වෙනකොට..ඒ තප්පර ගාන ඇතුලෙ ඉස්සරහට පැනපු තීනු අල්ලගත්තෙ මිනාශිගෙ දිගට ගොතලා තිබ්බ කොන්ඩ කරල් දෙකෙන්...!!

කන කෑමවල වැරැද්දක්දෝ තීනුට වඩා උසක් කෙල්ලෙක් උනු මිනාශිට තිබුනා....ඒත් එයා සැලුනද....බය වෙලා අඩියක් පිටිපස්සට ගත්තද...නෑ කොහෙත්ම නැ..!..ඇගෙම වෙර දාලා ඒ දිග කොන්ඩෙන් තිනු අදිනවත් එක්කම මිනාශිගෙ ඇග තීනුට පැත්තට නැවිලා ගියා.....කේන්තියෙන්ම ඒ කොන්ඩ කරල් දෙක ඇදලා ඇරන් තීනු මිනාශිගෙ බෙල්ල වටේ එතුවේ කෙල්ලට කෑ ගහගන්නවත් බැරි වෙන්නයි...කොල්ලො දෙන්නෙක්ගෙ රන්ඩුවක් බේරන්න කියලා එතනට වට උනු ස්කෝලෙ ළමයි ටිකත් එකපාරටම කොහෙවත් නැති හේතුවකට රන්ඩු වෙන ගමන් ඉන්න කොල්ලයි කෙල්ලයි නිසා මොනවත් කරගන්න බැරිව ගල් උනා....ඒ ආගන්තුක කොල්ලව පැත්තට අදින්නද නැත්නම් මිනාශිව බේරගන්නද කියලා හිතාගන්න බැරිව යාලුවන්ටත් කරගන්න දෙයක් තිබුනෙ නෑ.

🍁නූශ්🍁(Zhanyi)Donde viven las historias. Descúbrelo ahora