0067

1.4K 376 110
                                    

..

..

..

..නීනූ...හ්...නීනූ......හ්හ්...කෝ ඔයා...කොහෙද ඉන්නේ...

..පරක්කු නැද්ද සුදු මහත්තයෝ...ගිහින් ඇදගන්නකෝ...

..ඒ..ත් නීනු නෑනෙ....කොහෙ ගිහින්ද...

..එයා ඔය කොහෙ හරි ඇති සෙරප්පුවක් කකා....දැන් බලන්නකෝ වෙලාව කීයද කියලා....

..ඒත් මේ වැස්සෙ කොහෙ කියලා යන්නද..

අම්මා කොච්චර කිව්වත් තීනුට ඕනකමක් තිබුනෙ නෑ ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න...තවමත් ගෙදරට අදින ඇදුම පිටින් එයා ගේ පුරා හැමතැනම චූටි බලු පැටියව හෙව්වා....ඇදන් යට...මේස යට..කුස්සියේ පෝරනුව අස්සෙ පවා එයා හොයන්න ගත්තා...අම්මා කිව්වෙම නීනු කොහෙටහරි දුවන්න ඇති කියලා උනත් තීනුටවත් තීනුගෙ හිතටවත් බැරි උනා ඒක පිලිගන්න...නිවුන්නු දෙන්නත් අදින එක පැත්තක දාලා තීනු වෙනුවෙන් බලු පැටියව හොයන්න ගත්තෙ ගෙවුනු කාලෙට එයලාත් මහ හුගක් නීනුට ආදරේ කරපු නිසා....එක මොහොතක් හරි ඇස්වලට නොපෙනී හිටියොත් දැනෙන්නෙ බයක්...වේදනාවක් ...ඒත් දැන් පැයකටත් වැඩී...මේ තරම් වෙලාවක් ගෙදර නොයිද ඒ පැටියා මොනා කරනවා කියලද...

වැස්ස කියලා නොබලා ධතාශ් මොන්ටිසෝරියට ගිහින් තිබුනේ අවුරුදු කොන්සට් එක ළඟ නිසා ටීචර් අනිවාර්යයෙන් ලමයිට එන්න කියලා තිබුනු නිසා...වැස්සෙ සයිකලේ නොයා පයින්ම කෙල්ලව ගිහින් දාපු ධතාශ් ආපහු ගෙදර එනකොට හුගක් වෙලා ගතවෙලා තිබුනා.....වෙනදට කොහෙ ගියත් විනාඩි පහෙන් ගෙදරට එන කොල්ලට අද වැස්සත් එක්ක ආපහු එන්න හිතුවට වඩා ලොකු වෙලාවක් ගත උනා.....ඒත් ඒ ගත උනු කාලෙ ඇතුලත එයා බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ධ වෙලා තිබුනා...

...ලොකූහ්....

..ඇයි මොකද...

..අනේ ලොකූ....නීනු නැති වෙලානේ...තීනු අයියා...එයා.....

ගෙට ගොඩවෙනවත් හරි මග බලාගෙන හිටිය මද්දු දුවන් ඇවිත් කිව්වෙත් හුගක් කලබලෙන් වෙනකොට...මොහොතක්වත් ස්තෝප්පුවේ නොරැදි ධතාශ් දිව්වෙ ගේ ඇතුලට....කකුලෙ මඩ කියලවත්....ඇදුම් බාගෙට තෙමිලා කියලවත් ගානක් නැතුව.....එයා ඇතුලට දිව්වේ නීනුට වඩා තීනු ගැන දැනුනු කලබලෙන්.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now