0091

1.4K 285 71
                                    

..

..

..

"භූත බංගලාවේ කවූදෝ....
ලාහ් ලාහ් ලා..
භූත බංගලාවේ කවුදෝ..."

..බූත බන්දලාවේ තවුදෝ...
බූත බන්දලාවේ තවුදෝ...
තෙල්ලම ලෙල්ලම වෙන්න තමායි..
බූත බන්දලාවේ තවුදෝ.....



හවස් වෙලා....හවස් වෙනවා කියන්නෙම ගඩොල් බිත්තිවලින් වැහිලා ගිය සාලෙ කෑල්ල ගන්න දෙයක් නෑ කියන එක.....ටීවි එකේ සද්දෙන් මුලු ගේම දෙදුරුම් කනවා කියන එක..පරන තාලේ හතර අතට ඇන්ටනා වයර් එක කරකලා පැහැදිලි කරනගෙන තිබුනු ටීවි එකේ මහ සද්දෙට භූත බංගලාව කාටූන් එකේ සින්දුව යන ගමන් තිබුනා...කාටුන් එකක් පටන් ගද්දිම දාන සින්දු තියෙනවනේ....සමහරු කාටුන් එක නෙවේ ඕන් ඔය සින්දුව අහන්නයි ටීවි එක ලගට දුවන් එන්නේ...පොඩි උන්ට කාටුන් බලනවා වැඩී කියලා බනින ලොකු අයත් වෙලාවකට ඔය සින්දුවක් ඇහෙද්දි බෙල්ල දාන් ඉන්නවා වගේ තීනුත් ඔන්න සාලේ දිහාවට බෙල්ල දාගෙන හිටියා....


භූත බංගලාවේ කවුදෝ කියලා කාටුන් චරිත ටික නටද්දි ඔන්න බට්ටිත් උඩ පැන පැන සින්දුව කියලා කෑ ගහනවා...දෙපැත්තට වැනි වැනී වැර්දියට හරි සින්දුව කියනවා....ඔය භූත බංගලාව කියන කාටුන් එකට තිබුනෙම නටන්න පුළුවන් තරමේ සින්දුවක් වෙද්දි තීනුත් කකුලක් පද්ද පද්ද පුටු තුන හතරක් එක පිට එක දාගෙන ඒක උඩ වාඩිවෙලා බලන් ඉන්නවා....

සමහර වෙලාවට ගායකයෝ මාස ගනන් මහන්සි වෙලා ගහන විනාඩි තුනේ හතරේ සින්දුවට වඩා ඔන්න ඔය කාටුන්වලට ගහන විනාඩියකටත් අඩු සින්දුව මාරම ලස්සනයි....තීනු ලොකුවට කාටුන් බලන කොල්ලෙක් නෙවේ..ඒත් එයාත් එහෙන් මෙහෙන් ඔය සින්දු කෑලි ගැන නම් දන්නවා....

"සූර වීර වැඩ පෙන්වනා..
ශිවා ශිවා සුපර් ශිවා..."

ඔන්න තීනුට තවත් කාටුන් එකක් ගැන මතක් වෙනවා....කොල්ලටත් මතකයි ඕක නම් කාලයක් මහ විකාරයක් වෙලා තිබුනා...තීනුගෙ කොලබ ගෙදර තිබුනේ මහ පාරෙන් ඇතුලට වෙන්න...පොඩි තාර පාරක් දෙපැත්තේ ගෙවල් පේලියේ ගෙයක් විදිහට..ඉතින් හවසට හවසට ඔය ගෙවල් පේලිවල පොඩි උන් ශිවා ශිවා සුපර් ශිවා කියලා පාර දිගේ කෑ ගගහා බයිසිකල් පදින හැටි කොල්ලට තාම මතකයි...සයිකල් විතරක් නෙවේ ත්‍රීසයිකල් පදින පොඩි උන් පවා ඕක කියලා කෑ ගහලා වැඩ දාන්න යනවා...බොත්තමක් එබුව ගමන් ශිවාගේ බයිසිකලේට පියාපත් එනවා...රෝද බෝට්ටුවක් වෙනවා....රොකට් එකක් වගේ වේගේ වැඩිවෙනවා...බිත්ති දිගේ උනත් උඩට පදින්න පුළුවන් වෙනවා...කොටින්ම කිව්වොත් ඔය ශිවාගෙ බයිසිකලෙට බැරි අභ්‍යවකාශයේ පාවෙන එක විතරයි...පුළුවන් නම් ඒකත් කරලා.....මහ විකාර කාටුන් එකක් ඒක නම්...බලන්නෙත් නැතුව තීනුට ඔය කාටුන් එක එපා වෙලාම ගියේ ඉස්සරහා ගෙදර පොඩි එකා හැමදාම හවසට සුපර් ශිවා කියලා කෑ ගහගා බයිසිකල් පදින්න ගත්තාම...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now