0089

1.2K 308 101
                                    

..

..

..


තිනුට කොතනහරි වැරදුනා බන්ග්...කොතනමහරි....

..අ..අම්මි..මේහ් මගෙ අම්මිහ්....

තීනුගේ ඇස් දෙක ලොකු උනේ බලන් ඉන්නකොටමයි...මේ තරම් වෙලා ආඩම්බරෙන්..ආත්ම විස්වාසෙන් පිරිලා තිබුනු ඇස් එකපාරටම වගෙ පුදුමෙන් ලොකු වෙලා යනකොට ඒ තොල්පට පවා යාන්තමට ඇරුනා.....අල්ලන් හිටිය ඇගිලිවලට තැබිලි ගහේ කද තව තවත් තදින් මිරිකිලා යද්දි...ඇහුනු වචනත් එක්ක එයා බිමට බැහැගන්න බැරිව ගහටම ඇලිලා හේත්තු වෙද්දි.....එක මොහොතකට තිනුට කරකියාගන්න දෙයක් නැති උනා.....එක අතක මන්නයක් තියන් ඉන්න පියසේන නලලේ තියන කැලලක් අතින් පිරිමදින ගමන් තීනු දිහා බෙල්ල උස්සලා බලන් හිටියෙම උස්සලා පොලොවෙ ගහන්න යන තරමේ බැල්මකින් වෙද්දි.....සීයා.අත්තා කිව්ව දෙයක් මතක් වෙලා අහින්සකයගේ තොල්පට බෙරිවෙල මූනු පොඩිත්ත අදුරු වෙලා ගියා..

"උබ මේ ගම් තුලානේ ඕන අස්සක මුල්ලක රිංගුවත් කමක් නෑ සුදු මහත්තයා අර පියසේන ගොයියා ඉන්න අහලකට පහලකට යනවා එහෙම නෙවේ...ඕකා වසවර්තියා....අවුරුදු විස්සක් විසි පහක් කල් පැනපු සිද්දිවලටත් ඕකා තාම අඩව් අල්ලලා යනවා....අහුවෙන්නෑ උබ ඕකගේ වතු මායිම අස්සට රිංගලා...අහු උනු දාට උබලා මහ එකීට නටාගනින් කියලා මමයි උබව හමගහන්නේ..."

අනේ....තීනුට කොහොමද ඒ නම අමතක උනේ......සීයා අත්තා අච්චර කියලත් කොහොමද එහෙම ඒක අමතක උනේ....අනේ දෙයියනේ...හම ගහනවා කියලත් කිව්වා....කකුල් කැඩෙන්න ගහනවා කියලත් කිව්වා...අම්මි මොනා කිව්වත් වැඩක් නෑ කියලත් කිව්වනේ...තීනුට..මේ තීනුට...උන ගැනෙන්නම ගහනවා කියලත් කිව්වා...බෑනේ...ඒක නම් කරන්න බෑනේ.....කකුල් කැඩෙන්න ගුටි කෑවත් හම ගලවගන්න බෑනේ....තීනුගේ ලස්සන පාට හම...ධතාශ් ආදරෙන් හාදු තිබ්බ හම...ඒක නම් ගලවගන්න බෑමයිනේ...

තවමත් ඉනිමග උඩ හිටගෙනම තීනු ඔලුව දෙපැත්තට වැනුවෙ හරි කලබලෙන්...බයටම ලොකු කරගත්තු ඇස්වලින්....

..රිදෙනවනේ හලෝ...මේ හම ගලවලා ගද්දි රිදෙනවනේ....සීයා අත්තට එපා කියන්නකෝ...තීනු හිතලා කලේ නෑ කියන්නකෝ...දැනගෙන නෙවේ කලේ කියන්නකෝ...නැත්නම් ...නැත්නම් ..අනේ තීනුව හම ගහයිනේ....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now