0039

1.7K 418 133
                                    


..

..

..

..ම්..මො..ක...ක්ද කිව්වේ...


ඒ කියපු දේ...ඒක ඇහුනෙ හරියටමද කියලා විස්වාස නෑ..ඒක බොරුවක්නේ...ඒක ඇහුවෙ ඇත්තටම නෙවෙයිනේ...වැරදිලා ඇහුනු දෙයක්නේ..නේද..




...මං ඇහුවේ ඔයාට බැයිද මට ක්ලාස් කරන්න කියලා...


නෑ ඒක වැරදිලා ඇහුනු දෙයක් නෙවේ...තීනු එයාගෙ අත් දෙකෙන්ම ධතාශ්ගේ අත බදාගෙන..ඒ අතට එයාගෙ නිකට හේත්තු කරන් ඇහුවෙම බොරුවක් කියනවා කියලා හිතන්නවත් බැරි බැල්මක් එක්ක...ඒ වචන ස්තීරයි වගෙම ඒ ඇස්වල කිසිම බොරුවක් ගෑවිලා තිබුනේ නෑ...



...පිස්සු හැදිලද ඉන්නෙ ආ...ඔය මොනාද කියවන්නෙ කියලා දන්නවද....



ධතාශ්ගේ කටහඩට බිස්කට් එකක් අත් දෙකෙන්ම අල්ලන් හිටිය චූටි කෙල්ලව පවා ගැස්සිලා ගියා...එයා ගැස්සිලා වගේ ඔලුව උස්සලා බැලුවත් ලොකූගෙ ඇස් තිබුනේ එයාගෙ හැරි පොටර් ළඟ...පුදුමෙක සේයාවක් ගෑවුනා උනත් වෙන කවරදාටත් වඩා නපුරු පාටට...



..මං දන්නවා මං කියන්නෙ මොනාද කියලා....මට ඕන ඔයාට කියලා ක්ලාස් කරගන්න....

...විකාර කරන්න එපා..!!..මට පුළුවන් ද ක්ලාස් කරන්න..

..ඇයි බැරි......

..ඇයි බැරි කියලත් අහනවද හේතුව දැන දැනම ආ...මට ඔය විකාර පාඩම් එකක්වත් තේරෙන්නෙ නෑ...කියෙව්වට ඔලුවට යන්නෙත් නෑ....අර කැම්පස් කෙල්ලව කතා කරලා දෙන්න හදද්දි පොතේ නෝට් එකවත් සම්පූර්න නැති මට කියලා ක්ලාස් කරගන්න මොලේ හොද නැතිවෙලාද....ඒලෙවල් කියන්නෙ සෙල්ලමක් නෙවේ....ඕලෙවල් වගේ හිතෙන හිතෙන හැම එකාටම ටියුෂන් දෙන්න බෑ...ඒකට හොද මොලයක් තියෙන්න ඕන..හැකියාවක් තියෙන්න..හිතු මනාපෙට වැඩ කරන්න ගිහින් දැන් ඉගෙනගෙන තියෙන දේත් නැති කරගන්න එපා...

..මං කරන්නෙ මට ඕන දේ...

..ජීවිතේ ඔයාගේ උනු පලියට ඔයාට ඕන හැමදේම කවදාවත් කරන්න බැ...අනුන්ට ඕන විදිහට එකම එක දෙයක් හරි කරන්න වෙනවා..ඒ හින්දා අර අක්කට මං කතා කරන්නම් එයා එක්ක...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now