0056

1.8K 388 105
                                    


..
..
..


නිවාසෙ හදන වැඩ වගේම ආචාර පෙළපාලිය කියන්නෙත් ක්‍රීඩා උත්සවයක අනිවාර්යය අංගයක්..ක්‍රීඩා උත්සවයෙ වැදගත්ම අංගය විදිහටයි ආචාර පෙළපාලිය සලකන්නේ...තමන්ගෙ පාසලේ වගේම නිවාසෙ අභිමානය සංකේතවත් කරමින් එකම රිද්මෙකට...එකම රටාවකට විධානවලට අවනත වෙමින් ගමනෙ යාම හිතන තරම් පහසු නෑ....එකට එකවිට පියවර තියන්න...අත් නිවැරදි විදිහට චලනය කරන්න....ගමනේදි උත්තමාචාර දක්වන්න...ඒ එක්කම අත් කොයිතරම් රිදුන් දුන්නත් නොනවත්වාම බෙල්ල ඍජුව තියාගන්න...ඒකට හොද ඉවසීමක් වගේම දරාගැනීමක් ඕන...සේරටමත් වඩා හොද පුහුනුවීමක් ඕන.....

ඒකමයි තිබුනු ලොකුම ප්‍රශ්නය උනේ.....කැඩෙට් වගේම බාලදක්ශ කියන්නෙ ස්කෝලෙ ලමයිට ආගන්‍තුක වචන දෙකක් වෙද්දි...ආචාර පෙලපාලිය පුහුණු කරන්න ප්‍රින්සිපල් සර් උදවු ඉල්ලුවේ මිතුරු පාසලක් උනු ටවුමෙ ස්කෝලෙන්.....ප්‍රින්සිපල් සර්ට අනුව ඒක මිතුරු පාසලක් උනත්...මිතුරු පාසලෙන් ආව පිරිමි ළමයි ටික දකිද්දි නම් කාටවත් මිතුරු හැගීමක් ඇති උනේ නෑ...ටවුමෙ ස්කෝලෙ නම ගහපු ටී ශර්ට් එක බොටම් කලිසමට යට කරලා සපත්තු දාලා හිටිය පිරිමි ලමයින්ගෙ වැදගත් පෙනුමක් දිස් උනත් ඒ වැදගත් පෙනුම එයාලගෙ ඇස්වල නම් තිබුනෙ නෑ......

දශමයක්වත් කුදු නොවී බෙල්ල කොන්ද එකම රේඛාවක තියාගෙන කැඩෙට් කොල්ලො ටික ඇවිද්දෙත් බර අඩි තියලා ගාම්භීර ගමනකින් වෙනකොට කෙල්ලො ටිකට නම් ඒක ලග ඉන්න කෙල්ල එක්ක කසු කුසු ගාන්න තරම් හොද මාතෘකාවක් උනා...එතන හිටිය සමහරු ගමේම අදුනන අය උනත් හිනා වෙලාවත් කතා නොකෙරුව කොට...හැසිරුනේම නාදුනන ගානට වෙනකොට එක් කෙනෙක් දෙන්නෙක් නම් කොල්ලන්ගෙ අවදානෙ ගන්න කොන්ඩෙ පොඩ්ඩක් ගැසුවා.....යුනිෆෝර්ම් එක වෙනුවට ඇදපු පාට ඇදුමේ සාය පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තවත් කොට කරන් එහෙට මෙහෙට පැද්දෙන්න ගත්තා....පෙරඩ් එකේ යන්න පුරුදු කරන සමහර තැන්වල අනේ අවුවයි , කකුල් රිදෙනවා,ඉන්න බෑ වතුර තිබහයි කියලා බොරුවට කන් කෙදිරි ගාද්දි...කෑ ගහන්න එපා කියන්න කියන්න හිකි හිකි ගගා හිනාවෙද්දි කැඩෙට් කොල්ලන්ගෙත් ඉවසීමෙ සීමාව පැන්නා..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now