0079

1.5K 358 89
                                    

..

..

..



..එලකිරි නේද මේ නීනුවෝහ්..ආ...ඔයත් බිව්වේ මෙව්වා නේද...



ලීටර් දෙකෙ මෙගා බෝතලේ එක අතකින් තුරුලු කරන්ම තීනු බිමට නැවුනේ බලු පැටියගෙ තාමත් කිරි සුවද ගහන තෙත නහයට හාදුවක් තියන ගමන්...උගුර යටින් කෙදිරි ගාන ගමන් දුබුරු පාට පුලුන් බෝලේ තීනුගෙ නැවුනු දනිස්සට අත් තියලා හිටගෙන හරි හරියට වලිගෙ වනද්දි...වඩාගන්න කියන්නදෝ හරි කලබලේට පාතට නැවුනු තීනුගේ මූන පුරා ලෙවකන්න පටන් ගනිද්දි...මූනෙ ඇදුනු හිනාව එක්කම තීනු නැවිලා බලු පැටියව අතට ගත්තා....

එක අතක එලකිරි බෝතලේ..අනිත් අතේ බලු පැටියා...එලකිරි.බෝතලේ හොයාගත්තේ නීනු කියලා කියන්නම තැබිලි පාට මෙගා බෝතලේ මූඩිය ලගින් ගිලා බැහැපු දත්පාරවල් කීපයක් තියෙද්දි..තීනු පොඩ්ඩක් බෝතලේ හරවලා බැලුවා....එලකිරි වෙන්න ඕන...අප්පච්චි කිව්වා තමා ඉස්සර ගෙදර නැන්දා සුද්දියගෙන් කිරි දොවපු බෝතලයක් ගෙදරට දුන්නා කියලා...උදේ පාන්දර සෙම ඇවිස්සෙයි කියලා අප්පච්චි තීනුට නම් කිරි බොන්න දුන්නෙ නෑ...බට්ටිට දුන්නෙත්නෑ...එහෙම කියලා කෙල්ලො තුන් දෙනාට කිරි බොන්න ආසාවක් තිබ්බෙත් නෑ...හැමදාම බොන නිසාදෝ කෙල්ලො ටිකටත් කිරි එපා වෙලා ගිහින් තියෙද්දි අප්පච්චි කොහෙන් හරි බෝතලෙ අරන් තිබ්බද නැත්නම් වෙන කාටහරි දුන්නාවත්ද කියන්න තිනුට හිතාගන්න බැරිව හිටියෙ...ඒත් දැන්හිතන්න දෙයක් නෑනේ. හංගපු.තැන්වලින් නීනු හැමදේම හොයාගෙනනේ...

...හොද පැටියා....උදේ අයියට දුන්නෙ නැති හින්දා දුක හිතුනද ආ...ඒකද නීනු.අයියට බෝතලේ හොයලා.ගෙනත් දුන්නේ..ආ නීනුවෝ...අයියට ආදරේ නිසා නේද හොයලා දුන්නේ...චොක් එකක් දෙන්නද...ආ...නීනුටත් චොක් එකක් දෙන්නද...නැත්නම් කිරි චුට්ටක් දාලා දෙන්නද...බොනවා නේද...කෝ ඕ කියන්න..ඔහොම බෑ...ඔලුව හොල්ලලා කට ඇරලා ඕ කියන්න නීනුවෝ...




තීනුට ඉතින් හරි හරියට වැඩනේ...එයා එක අතින් උස්සලා බලු පැටියගෙ තෙත නහයෙ උඩ එයාගෙ නහය ගෑව්වා...හොරාවට චොක් එකකුත් දුන්නා....බෝල කලු ඇස් දිහා.බලාගෙන කිරි චුට්ටක් දෙන්නම්ද කියලත් ඇහුවා...හරි හදිස්සියට බලු කුක්කත් ඔව් කියාගන්න බැරිව ඇබිත්තන් දිව විතරක් එලියට දාගෙන කූ න් කූන් ගාද්දි තීනු ආයෙමත් සද්දෙන් හිනා උනා....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now