0090

1.2K 294 110
                                    

..

..

..
දතාස්..අපිත් මේ දැන්...මේ ස්කෝල මහත්තයට බලාගන්න කියලා බාර දෙන්න අපිත් මේ දැන්ම දරුවෙක් හදන්න ඕන.....!!




මොනාද දෙයියනේ ඇත්තටම මේ ඇහැන්නේ....ස්තෝප්පු කෑල්ලේ වාඩිවෙලා හිටිය සීයා අත්තව ලෙ බිදක් ඉතිරි නොවෙන්න සුදුමැලි වෙලාම යන්න යද්දි....අප්පච්චිට කොහෙවත් නැති කැස්සක් අල්ලලා තිබුනා...එක දිගට කහින ගමන් ඔලුව පිට්පස්ස කස කස අප්පච්චි හැදුවෙම එයාට මොනවත් නෑහුනා කියලා නොතේරුනා කියලා අගවන්න උනත් අප්පච්චිගෙ උත්සහයෙන් වැඩක් උනේ නෑ...කහින්න ගිය අප්පච්චි අවසානෙ නතර උනේ ඉහින් කනින් දාඩිය පෙරෙන තරමට රතුවෙලා වෙද්දි....අප්පච්චිගෙම පුතා උනු ධතාශ්ටත් යන එන මන් නැති උනා...

සීයා අත්තටත් වඩා සුදුමැලි වෙල ගියේ අප්පච්චිටත් වඩා කරගන්න දෙයක් නැතුව රතු උනේ ධතාශ්ම වෙද්දි....හුස්මත් ඉහලට ඇදගෙන කොල්ලා ලග තිබුනු බිත්ති කනුවකට හේත්තු වෙද්දි....ඒ අර්බුදයට සම්පූර්න වරදකරු නම් ආඩම්බරෙන් මූනත් හදාගෙන පපුවට අත් බැදගෙන හිටියේ මහ ලොකු.දෙයක් කරපු ගානට වෙද්දි...ඒ ඇබිත්තන් කට නම් තවත් මොනාදෝ කියන්න නලියෑවා....ඒ උනත් ඊට කලින් සුදුමැලිවෙලා හිටිය සීයා අත්තා ආයෙමත් පියවි සිහියට ඇවිත් තීනුට කලින් ඉස්සර උනා...



..සුදු මහත්තයා...!..ඇටෙන් පොත්තෙන් එලියට එන්නෙ නැතුව දරුවො හදන්නද උබ දැන් කතාව ආහ්...ඔහොම ඉදින් මන් උබේ මහ එකීට හොදවයින් අමතන්න පුතන්ඩියගෙ කෙරුවාව ගැන...!

..හැමවෙලාවෙම මහ එකී මහ එකී ගාන්නේ ඒ ඔයාගේ ලොකු එකී නෙවේද සීයේ ආහ්...

..උස නැති උනාට බොගෙ කට නම් තියනවා ඒකිටම හරියන්න...!..බස් එකේ බෙල් එකවත් ගහගන්න බැරිව තව දරුවෝ හදන්න...!...ඔය තරම් නහින්නේ උබ දරුවෙක් හදන හැටිවත් දැනගෙනද සුදු මහත්තයා....

..දන්නවා...!..දන්නවා තමා මම...දැනගෙන තමා ම්ම්...ම්හ්ම්...බ්බ්බ්බ්බ්...මොකද වදේ කට වහන්නේ...කතා කරන්න දෙනවකෝ.....



ධතාශ්ට වෙලාව අනුව කරන්න පුළුවන් එකම දේ ඒක විතරයි.....පන්ඩිතයගෙ කටේ තරම දන්න නිසා හැදුවෙම ඒ කුඩක්කි කට වහලා දාන්න..සීයා අත්තට ප්‍රෙශර් නග්ගන්න කලින් කතාව ඉවරයක් කරලා දාන්න...ඒත් ඉතින් කොහෙද....චූටි වස්තුව දගලලා දගලලා වැලමිටෙන් පිටිපස්සට තදට ඇන්නගත් හරි ධතාශ්ට තීනුව අතෑරුනා...ඒ වෙනුවට කොල්ලට එයාගෙම බඩ ඇල්ලුනා.....මේ යක් පැටියා මොනා කියවන්න යනවද මන්දා.....ධතාශ්ගේ රෙදි ගලවන දෙයක් නොවුනොත් නම් ඒ හොදටම ඇති...




🍁නූශ්🍁(Zhanyi)Unde poveștirile trăiesc. Descoperă acum