0027(Bonus)

1.8K 412 75
                                    


..
..
..

..මෙතන මොකද වෙන්නෙ...


ඒ කට හඩ...ගොඩනැගිලි බිත්ති පුරා පවා දෝංකාර දෙන්න ඇති....කම්මුලක් අල්ලන් හිටිය ධතාශ් වගේම...එයාගෙ මූන ලගට ඇගිලිතුඩුවලින් ඉස්සිලා හිටිය තීනු ගැස්සිලා වගේ පිටිපස්සට පැන්නේ ඒ කටහඩේ ඒ තරමට තිබුනු තද ගතිය නිසා.....

..මේ දෙවෙනි පීරියඩ් එක..ඒකෙනුත් බාගයක් ගිහින්..පන්තියට නොයා මෙතන මොකද කරන්නෙ ආ..හ්....

............

..උත්තර දෙනවා..!!..සද්දෙ නැත්තෙ මොකද...

තීනු කොලුවා නම් ටිකක් බය උනා වගේ....එයා නමක් නොදන්න ගුරුවරයා දිහාත් ගානක් නැතුව පපුවට අත් බැදගෙන ඉන්න ධතාශ් දිහාත් බැලුවෙ මාරුවෙන් මාරුවට..එයාට නම් ගානක්වත් නෑ වගේ....

..දෙන්නම පෙන්නවා අත් දෙක...!!..ඉක්මනට ...සාක්කු දෙකත්..!!

ලොකු වයසක් කියන්න බැරි..ඒත් තරුන වයස පහු කලා කියලා පේන කෙට්ටු උස ගුරුවරයා කන්නාඩි දෙක නහයට තද කරන ගමන් කෑ ගැහුවේ ඒ දෙන්නා අපරාදයක් කරපු ගානට..සර් බලෙන්ම දෙන්නගෙ අත් පෙන්නන්න කියලා සාක්කුත් චෙක් කෙරෙව්වේ කොල්ලො කියන ජාතිය කොහොමත් ශුවර් නැති නිසා..අවේලාවේ පීරියඩ් එකක් කට් කරලා අස්සකට වෙලා ඉන්නවා කියන්නෙ ඒ තරම් හොද දේකට වෙන්න බෑ..සර්ත් කොල්ලෙක් නිසා ඒ දෙන්නා නොගැලපෙන මොනාහරි පාවිච්චි කලාද කියන සැකෙන් ටික වෙලාවක් කොල්ලො දෙන්නව ඇස්වලින් නිරීක්ෂණය කලා...



..ඔය ලමයා අලුතෙන් නේද..

..ඔ..ඔව්..සර්...

..දැන් පන්තියට යනවා..ආයෙ පීරියඩ් කට් කරලා අහුවෙන්නෙ නෑ..

..හරි සර්...

..යන්න කිව්වෙ එයාට විතරයි ..තීර්ථ ඔහොම ඉන්නවා...


තීනු පන්තියට යන්න කියලා උස්සපු කකුල එහෙම්මම නතර උනා..තීර්ථ??..ඒ කවුද....ඒත් ඉතින් මෙතන වෙන කෙනෙකුත් නෑනේ..කාටද එහෙනම්...

..තවත් මොනාද බලන්නෙ..!!..යනවා පන්තියට....

සර් සැර කරද්දි හිච්චි ශර්ලොක් වෙන්න ගිය කොල්ලා එතනින් දුවලත් ඉවරයි...දෙන්නම එකට එලියට ආවට යන්න වෙන්නෙ වෙන වෙනම..ඊටත් වඩා ධතාශ්ව නතර කරගත්තු එක ගැන අවුල්...එයාට බනීද...සැර කරයිද...දඬුවමක් වගේ දෙයක් දෙයිද..හිතාගන්න බෑ මොනාවෙයිද කියලා....



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now