0084

1.4K 324 158
                                    


..
..
..




ඒක අන්දකාර කුටීරයකට සමානයි..දෙන්නෙක්ට විතරක් එක වර ගමන් කරන්න පුළුවන් තරමේ පටු ඒ වගේම දිගු පාරක්....යක්ශ මූනක ආකෘතියකට තනපු ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුලට පියනගනවත් එක්කම පොලොව පුරා අතුරලා තිබුනු වියලි කොල පෑගෙනකොට නැගෙන සර්ස් සරස් හඩ කන් අස්සෙ හද ගැස්මත් එක්කම දෝ‍ංකාර දෙන තරම්....හතර අතින්ම ආවරනය උනු දෙපස උස කොල අතු රැදුනු පටු මාර්ගය හරි හැටි මොනවත් පේන්නෙ නැති තරමට කෑලි කපන්න පුළුවන් තරමේ අන්ධකාරෙකින් පිරිලා ගිහින් තියෙද්දි...ඒ අන්දකාරය අස්සෙන් විටෙන් විටේ නිවි නිවී පත්තු වෙන මලානික ලයිට් එලිය අන්ධකාරයට වඩා හිත තුල බයක්,කුතුහලයක්..වගේම තැති ගැන්මක් ඇති කලා....


සරස් සරස්.......


ඉස්සරහට තියන අඩියක් ගානෙම වියලි කොල පොඩි වෙනවා.....ඒත් එක්කම දෙපස රදවපු කොල අතු හීනියට හෙලවෙනවා.....කිසිවක් නොපෙනෙන..කිසිවක් නොදැනෙන අන්දකාරය ඇතුලේ....කොයි මොහොතක ඒ නිහඩතාව බිදිලා යයිද....කොයිමොහොතක ඒ නිහඩතාවය බිදගෙන අත්භූත දෙයක් කඩාපනියිද යන්න හිත කෑ ගගහා අහනවා...



අවූඌඌඌඌඌඌඌඌඌහ්හ්හ්..



..ආහ්හ්හ්....

..අනේහ්හ්හ්...


තුන් කට්ටුව.!...එකපාරටම ඇහුනු බල්ලෙක්ට වඩා පිස්සු බල්ලෙක්ගෙ උඩුබිරීමක්...ඇග කිලිපොලා යන තරමේ....ඇගම හීතල වෙලා යන උඩුබීරීමක් එක්ක තුන් කට්ටුව කෑ ගහගෙනම අත් එකිනෙක පටලගත්තා......හරි හැටි ඇතුලු වෙන්නත් කලින්ම....යන්න පටන් ගත්තු ගමන්ම.....ගෑනු ලමයි තුන් දෙනා ඇස් තදින් පියාගෙන....අත් තද කරලා අල්ලන් කෑ ගහන්න ගත්තා....



..අනේ අයියේ ඔයා ඉස්සර වෙලා යන්නකෝ.....අපි පස්සෙන් එන්නම් ඔයා මුලින්ම යන්නකෝ....



දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් තරමෙ පටු පාරේ තුන් දෙනාම ගුලි ගැහිලා මිරිකිලා බයෙන් අත් අල්ලන් යන්න යනවා.....ධතාශ්ට ඉස්සරහින් යන්න කියලා කියනවා.....අනතුරක් ආවොත් එන්නෙ ඉස්සරහින් විතරක් බව හිතාන එයාලා ධතාශ්ට ඉස්සර වෙන්න කියනවා...


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now