0015

1.8K 420 102
                                    


..

..

..




ධතාශ් ආපිට දුවලා ගියේ ගේ ඇතුලට....ස්කොල සීයා එන්න කියලලු..හේතුවක් කිව්වෙත් නෑ..පනිවිඩේ කිව්ව කොල්ලා ආපිට ගියා.....එයා ගේ ඇතුලට එද්දිත් බට්ටි පොඩි කොට්ටයක් බදාගෙන සාලෙ මැද හිටගෙනම නිදි කිරනවා....කෙල්ල ඔය බලන් ඉන්නෙ ධතාශ් එක්කම නිදාගන්න...නිදාගන්නවට වඩා වැඩ තොගයක් ලොකූට කරන්න තියෙනවා කියලා බට්ටිට ලොකු තේරුමක් නෑ..



..ගිහින් නිදාගන්න නිදි කිරන්නෙ නැතුව...

..ලොතූ එන්නෑ..

..නෑ..ස්කෝල සීයා එන්න කියලා...මං ගිහින් බලලා එන්නම්..

..අනේ මාත්..

..නිදි කිරන්නෙ නැතුව ගිහින් නිදාගන්න..දැන් පැයකීයක ඉදන්ද ඔය නිදි කිරන්නේ..

..ඉත්මනත එනාද..

..හ්ම්....



බට්ටි හෙමින් හෙමින් එයාගෙ කාමරේට ගාටද්දි ලොකු ඉදුල් වේලුනු අත හෝදන්න ගත්තා...ගෙදරටම තිබුනෙ කාමර තුනයි...එක කාමරයක් ධතාශ්ට වගේම අනික අම්මටයි අප්පච්චිටයි බට්ටිටයි...තුන් වෙනි කාමරේ කෙල්ලො තුන් දෙනාගේ...ඉතින් රෑ වෙන්න ගත්තාම කාමරෙ ඇතුලෙ දෙවෙනි ලෝක යුද්දෙ වගේ..මගෙ අරක නෑ..මේක නෑ..ඇදේ ඉඩ නැ...බෙඩ්ශීට් එක නෑ....ලයිට් එක දාන්න..ලයිට් එක නිවන්න...එහාට යනවා..මෙහාට යනවා...ඉතින් රන්ඩු කෝටියයි....බට්‍ටි හැමදාම වගේ සද්ද නැතුව බලන් ඉදලා කවුද හරි කවුද වැරදි කියලා නොබලම ලොකූගෙ පැත්ත ගන්නවා...එයා රන්ඩුවට ගෑවුනත් එකයි නැතත් එකයි බට්ටි හැමදාම ලොකූගෙ පැත්තේ...


ධතාශ් අත් දෙක හෝදගෙන එහෙම්ම කුස්සියෙ ගහලා තිබුනු කන්නාඩි කෑල්ලෙන් මූන බැලුවා....කොන්ඩෙ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා...ඇග දිගේ දාඩිය බේරෙනවා..ඒ දාඩියටම තලෙලු පාට පපුව දිස්නෙ ගහනවා.....ලිප ඇවිලුවේ වැඩිපුර පොල්කොල දාලා නිසාදෝ ධතාශ්ට එයාගෙන්ම දැනුනෙ දුම් ගදක්...ඒකත් එක්කම සැර දාඩිය ගදකුත් දැනෙද්දි එයාගෙ මූන ඇද උනා...නිකම් දවස් ගානක් නාපු නැති එකෙක් වගේ....


බට්ටි එයාගෙ පාට ගියපු පුලුන් හාවෙක් බදාගෙන ඇදේ පෙරලුනා...කාමරේ දිහාට ඇහැ දාගෙම කොල්ලා ඉක්මනටම දිවුවේ ගේ පිටිපස්සට ...ගේ පිටිපස්සෙ ලිදත් එක්කම වට කරලා ශවර් එකක්..ඊට පහලින් පොඩි ටැප් එකක් තිබුනා...ගෑනු ළමයි හතරක් ඉන්න ගෙයක් නිසා ලිද ගාව හොදට වටකරලා හරහට තහඩු බැදලා තිබුනෙ පස්සෙ කාලෙක බ්ලොක් ගල් බැදලා ලිද වට කරන උවමනාවෙන්...තැනින් තැන මලකඩ කාලා තිබුනත්...වට කරපු තහඩු එක්ක පිටට කිසිම දෙයක් නොපෙනුනු නිසා ධතාශ් ඇදුම් සේරම ගලවලා දාලා ඇග හෝදගත්තා..යුනිෆෝර්ම් එක හෝදන්න ඕන උනත් එන්න කියලා තියෙද්දිත් පරක්කු වෙලා යන එක හරි නැති නිසා එයා බේසමකට යුනිෆෝර්ම් එක පෙගෙන්න දාලා ගේ ඇතුලට ආවෙ හරියට ඇගවත් පිහින්නෙ නැතුව.....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now