0049

1.8K 399 112
                                    


..

..

..






ගතවෙලා යන වෙලාව ගතවෙන්න නොදී ඇහිලි අස්සට ගුලි කරන් නතර කරගන්න තිබුනා නම්...සමහර විට...මේ කාලය මේ තරම් ඉක්මනට ගෙවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න තිබුනා නම්...කොයිතරම් හිත කිව්වත්...කොයිතරම් ඕන උනත්...ආදරනීයන් ළඟ රැඳෙන හැම මොහොතම ගෙවෙන්නෙ මහ හුගක් වේගෙන්...




..මාත් එක්ක දොයියන්න බැයිද ඉතින් ....මං පයින් ගහන්නෙත් නෑනේ...


තීනු බලෙන්ම වගේ ධතාශ්ගේ පපුව මැදට කම්මුලක් තද කරන් මදිපාඩුවට හරියන්න ඇග හරහා කකුලකුත් දාලා හිර කරගත්තා......ඒත් මදි වගේනේ...හිර නෑ වගෙනේ..දගලලා දගලලා තීනු එක අතකුත් ධතාශ්ගේ ඇග හරහා දාගත්තා....

...බෑනෙ ලමයෝ....මං යන්න එපැයි..ගෙදරට කියලා ආවෙ නෑ...

..කමක් නෑ සීයා අත්තට කියන්න කියමු...එයා කියයි..

..මට ගෙදර ඉන්න එකත් නැති කරන්න තමා ඔය යන්නේ ..

..ඉතින් හොදයිනේ...එතකොට මං එක්ක දොයියෑවෑකිනේ...

..දොයිය දොයියම ඉදපන්..වෙන මොකුත් කරන්න එපා....



තියෙන හොරපාට විතරක් මූනේ...මොකක් හරි කරලා ධතාශ්ව නම්මගන්නමයි හදන්නේ.....කාටත් වඩා අයිතිය තියන පපුවක් මැද කම්මුලක් තද කරන් හොරාවට ඒ බොත්තමක් කරකවන ගමන් තීනු කතා කරන්න් දගලද්දි චුට්ටිත්තක් විතර සැර කරන ගමන් ධතාශ් ඒ නහය මිරිකුවා...හිතෙන්නෙම ලේ රතු වෙනකම් ඇගිලිවලින් අල්ලලා මිරිකන්නමයි...



..දොයියන්න මාවම ඕන නෑනෙ...එහෙ ඉද්දි කවුරු එක්කද නිදාගත්තෙ ම්ම්...

..තනියමනෙ....

..එහෙනම් දැනුත් තනියම නිදාගන්න හුරුවෙන්න ...

..ඔයා ඉන්නවනේ...ඇයි ඉතින් තනියම දොයියන්නෙ..මෙහෙම තුරුල් වෙන්න ඉන්න පුළුවන් නෙ...අනික අපි දැන් බැදලනේ...බැදපු අය ඇදන් දෙකක දොයියන්න හොදනෑලු....එතකොට...

..ගෝනිබිල්ලා අල්ලන් යනවද ම්ම්ම්..

..න්..නෑ..නෑ..මෝඩයෝ...ගෝනිබිල්ලෙක් නෙවේ....යකෙක් එන්නෙ යකෙක්....!...කසාද බැදලත් තනියම නිදාගන්න කට්ටියන්ව අරන් යන්න එන්නේ.....රෑට ඇවිත් කකුලෙන් අදිනවලු...බෙල්ලත් මිරිකනවලු....බය කරලා එක්කන් යනවලු......

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now