0005

2.5K 451 86
                                    

..

..

..



මොහොතින් මොහොතට ගත වෙලා යනවත් එක්කම...ඩැඩාට කියලම කවාගත්තු තීනු උලු වහලෙ අස්සෙන් උනත් දැනෙන රස්නෙ දරන්න බැරි තැනම එලියට බැස්සා..ඒසි නැති උනත් තීනුටම කියලා ෆෑන් එකක් ගමට එන්න ඇදුම් ලෑස්ති කරනවත් එක්කම ඩැඩා එහෙම නැත්නම් දිනේශ් වීරසුරේන්ද්‍ර ගෙන්නලා තිබුනා....ඒත් ඉතින් දවල් බතෙන් පස්සෙ මහ පාන්දර යන්න තියෙන නිසා ෆෑන් එකත් දාගෙන ඩැඩා නින්දට වැටුනයින් තීනු එලි බැස්සෙ ගේ ඇතුලේ ඉන්න කම්මැලිකමට.....

කම්මැලි උනා කියලා ඉතින් කොල්ලට කරන්න දේකුත් නෑ.....ෆෝන් එකට සිග්නල් ඇත්තෙත් නෑ....ඩැඩා කලින් ෆෝන් එක තීනුගෙන් අයින් කරලා සිම් එකත් වෙනස් කරපු නිසා කොල්ලට චැට් කරන්න කාලෙකුත් නෑ...තාම කෝල්වලටයි රීලෝඩ්වලයි වෙන වෙනම සල්ලි දාන්න පොකට් එක හිස් කරන යාලුවෝ දැකලා Telegram ,viber,Imo එක්ක social media, unlimited calls සහ වැඩිපුර 30 GB data ලැබෙන Airtel 888 Package එකක් දැම්මට වැඩක් නෑ අනාගතේ අදයි ලෝඩ් වෙන්නෙ හෙටයි කියන්නා සේ තීනුට සිග්නල් නෑ.......

එයා ෆෝන් එක සාක්කුවට දාගත්තා....එක පාරක් දෙපාරක් ඇවිත් තිබුනු ගම්මානේ අවු කාශ්ටකේ ගැන දන්න නිසාම තීනු අරගෙන ඇවිත් තිබ්බෙම සැහැල්ලු ඇදුම්...ගමනක් අදින්න දිග කලිසමක් ඇරුනාම එයා මේ වෙද්දිත් ඇදන් හිටියේ දනිස්ස ගාවට දිග කොට කලිසමක් එක්ක සැහැල්ලු ටී එකක්....පිහින්නෙවත් නැතුව වියලි හුලගටම කොන්ඩෙ වේලිලා තියෙද්දි...ඉස්තෝප්පු ඉදන් මොනාදෝ ගනන් වගයක් බේරන සීයා අත්තට හිනාවක් දීලා එයා මිදෙල්ල ගහක් යට හදලා තිබුනු ලී බංකුවෙන් වාඩි උනා...

මේ වෙරලු නේද........

ඉදගත්තත් හරි කොල්ලගේ මූනට හිනාවක් ආවා...බංකුව ගාව දෙපැත්තෙ වෙරලු ගෙඩි වගේ ලූනු මිදෙල්ල ගෙඩි වැටිලා තියෙද්දි ඒ දෙකේ වෙනස නොදන්න තීනු හරි අහින්සක විදිහට රැවටුනා......ආසාවට වෙරලු ගහක් දැකලා නැති ..ඒත් යාලුවෙක් අච්චාරුවක් හදන් ආවම විතරක් ඒ වෙරලු කියලා කියන්න දන්න තීනු සම්පූර්ණයෙන්ම පෙනුමෙන් එකිනෙකට සමාන මිදෙල්ල ගෙඩියට රැවටුනා.....එයා විතරක් නෙවේ....කාලා බලනකම් ඒ මිදෙල්ල නෙවේ කියන එක දැනගන්න හුග දෙනෙක්ට බෑ..........


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now