0045

1.8K 408 185
                                    


..
..
..






හරියටම බැලුවොත් කාගෙ වෙලාවද අන්තිම සවුත්තු කියලා කියන්න අමාරුයි...අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය දෙයක් ...නෑ ඊටත් වඩා ගිනිගන්නා සුලු දෙයක් කියාගෙන දුවන් ආව ආදිගෙද...එහෙම නැත්නම් යක්ශ පූශ් පැටියෙක් වෙන්න ආසාවෙන් ඉදලා අම්මලගෙ කීමට කොල්ලෙක් උනු තීනුගෙ දත්වලට අහු උනු ධතාශ්ගෙද කියලා හරියටම කියන්න අමාරුයි ...ඒත් කාගෙ උනත් දෙන්නගෙන් කෙනෙක්ට බේරීමක් නැති බව නම් හොදටම විස්වාසයි....මොකද කිව්වොත් ස්කන්ධය අඩු පරමානුවල තමා ආරෝපණය වැඩිම...!

ඒක තවත් සරලා කරලා කියනවා නම්.....කොට උන්ට තමා තරහා යනවා වැඩිම....!



...ආ..ව්ව් ..හ්හ්...



ඒක හරියට කූඩැලු පැටියෙක් ඇගේ එල්ලුනා හා සමාන හැගීමක්...මේතාක් කාලෙකට අම්මාවත් දෙතොල් නොතිබ්බ පපුවෙ සියුම් කොනක්..මුරන්ඩු හිතුවක්කාරයෙක්ගෙ දත් අස්සට දැනුම්දීමක් නොකරම අහුවෙලා තව වෙලා යද්දි...මහ දවාලෙත් ධතාශ්ට තරු පේන්න වැඩිවෙලාවක් ගත වුනේ නෑ...පවුනෙ මගේනේ කියලා පපුව අස්සෙ දාන් පරිස්සම් කරන එකාම අන්තිමට කොල්ලගෙ ඒ පපුවටම කෙලවලා දාද්දි...ධතාශ් වේදනාව නිසාම කූඩැලු පැටියව ගසලා එහාට කලා...කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑ වගේ මේකට තරහා ගියවෙලාවක ළඟ පාතකවත් ඉන්න හොද නෑ...



තීනුව එහාට කරලා ධතාශ් වේදනාවෙන්ම පපුව අල්ලලා බැලුවා...යටබැනියමේ පවා දත් පාරක් වැදිලා..රවුමට කෙල පාරකුත් හිටලා...හැගීම් නිසා ඉල්ලිප්පෙන්න තිබුනු පිරිමි පපුවක තනපුඩු වේදනාව නිසා ඇකිලිලා ගිහිල්ලා......ධතාශ් ඔලුව උස්සලා රැවුවා.....ඉදලා ඉදලා කරපු මුරන්ඩුකම නිසා කොල්ලා තීනුට හොදම එකෙන් රැවුවා...හැබැයි ඊටත් වඩා දරුනු රැවිල්ලක් එයාට එහාපැත්තෙන් ලැබුනා...බොනස් එකට පූස් නියපොතු පාරකුත් එක්ක....




..මොනාද මේ කියන්නෙ ආ...බොරුකාරයා...මාව රැවැට්ටුවා...තමුසෙ මහ ඕන්නෑ...



තීනු කොහොමත් ඉතින් ඔහොමනේ..එහාට තල්ලු කරපු නිසා කේන්තියෙන්ම එයා ආපිට ධතාශ්ගේ ඇගට පැන්නේ නියපොතු ටිකත් විලිස්සන්.....වාසනාවකට නෙවෙ තනිකර අවසානාවටම තීනුගෙ කොටි නියපොතුවලට අහු උනේ ධතාශ්ගේ නහයම විතරක් වෙද්දි....මොහොතකින් නියපොතුපාරවල් එක්ක ඒ නහය රතුම රතු පාට වෙලා....මූන එහාට කරගෙන...තීනු කොව්වව තල්ලු කරගෙන බේරෙන්න හැදුවට වැඩක් නෑ වැරැද්ද කාගෙ උනත් මුලින්ම ගහන්නෙ ගෙදර එකාට වගේ එයා අල්ලගත්තෙත් ධතාශ්ව.....



🍁නූශ්🍁(Zhanyi)Tahanan ng mga kuwento. Tumuklas ngayon