0078

1.8K 393 138
                                    


..

..

..



"වසරම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තව තප්පර......"

..ම..ට දෙන්න...මට ඕනා..!..

..පිස්සු හැදිලද ආ..එකපාරක් කිව්වනෙ පැත්තකට වෙලා ඉන්නවා..

..බෑ බෑ මට ඕනමයි..මේ දැන්ම ඕනා...ඕක..!..ඔය අතේ තියෙන එක...ඒකම ඕනා...වෙන ඒවා එපා...

..කියන දෙයක් තේරුම් ගන්න බැරිද ආ..දැන් මන් මොකක්ද කිව්වේ...කිව්වා නේද බෑ කියලා....

..ඉතින් මාත් කිව්වේ ඕනා කියලා...ඕනා නිසානේ ඕනා කියන්නේ...කියන දෙයක් තේරුම් ගන්න තමුසෙටත් බැරිද ආ..සිංහල නේද කරන්නෙ...ඒකවත් තේරෙන්නෙ නැද්ද...මට ඕනා..මේ දැන්ම මට ඕනා ..

"තව තප්පර පහලවයි....දාහතරයි...."



අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙද්දි....ධතාශ් අවුරුද්දම එපා වෙලා ගිය ගානට එක අතකින් නලල මිරිකගත්තේ අනිත් අත හොල්ලන්නවත් බැරිවෙන්න තීනු එ අතේ එල්ලිලා මුරන්ඩුකම් කරන්න අරන් තියෙද්දි...එක අතකින් මහ සද්දෙන් දාපු ටීවි එකේ හිරු නාලිකාව අලුත් අවුරුද්දට දින ගනිනවා...අනිත් අතින් කොහෙදෝ ඉන්න ඇට්ටර කොල්ලෙක් ධතාශ්ගෙ ඉවසීමේ සීමාව මනිනවා.........

..අලුත් අවුරුද්ද ලබන වෙලාවෙ හිනාවෙලා ඉන්නෙ නැතුව මොකක්ද උබලා ඔය නටන නාඩගම ලොකූ...ආ..අවුරුද්දම අඩාගත්තු ගමන් ඉන්නද උබලා ඔය අංචි අදින්නේ..

..අප්පච්චි ඔ..

..සුදු මහත්තයා ඉල්ලන දෙයක් දීලා දාපන් ලොකූ...නැකතත් හරිනෙ දැන්..

..අප්පච්චිට පිස්සුද ආ...කොහෙහරි ඔලුව වැදිලද...ඉල්ලන දෙයක් දිලා දාන්න කියන්නේ...අප්ප..

..ඒකා ඉල්ලන දෙයක් දුන්නා කියලා උබේ ඇගෙන් කෑල්ලක් යන්නෑනේ ලොකූ..මන් උබට කියලා තියෙනවා සුදු මහත්තයව අඩවන්න එපා කියලා...

..අඩවන්න එපා..!..මේ කියන දේවල් කරන්න ගියොත් ඊලගට අපිටයි අඩන්න වෙන්නෙ...ගානක් නැතුව කියවන්නෙ අප්පච්චි දන්නවද මේකා මේ නහින්නේ බට්ටො වැල පත්තු කරන්න...!

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now