0044

1.7K 423 122
                                    

..
..
..

පුරුදු වෙන්න කියලා මහ කාලයක් නැතත් වොලිබෝල් මැච් එක තියෙන්නෙ හෙට...කෙල්ලන්ව විතරක් පුරුදු කරලා හරියන්නෙ නැ ධතාශ්ලත් පුරුදු වෙන්න ඕන..අවුව සැර නිසා කෙල්ලො නම් කෝඩ් එක පැත්ත පලාතෙ නාවත් හැමදාම ඉන්ටර්වල් එකට කොල්ලො කරන්නෙම වොලිබෝල් මැච් ගහන එක...ඒ නිසා ලොකුවට පුරුදු වෙන්න දෙයක් නම් නෑ...ඒත් ප්‍රතිවාදී පිල් දෙක හුරු වෙන්නයි අලුත් කොල්ලන්ව පුරුදු කරන්නයි ධතාශ් කෑම කෑවට පස්සෙ බෝලෙ ගත්තා....


...බෝලෙට බය වෙන්න එපා..බෝලෙට ගහන්න...

ධතාශ් මේ තීනුට කිව්වෙ කීවෙනි වතාවටද මන්දා...එහා පැත්තෙන් බෝලයක් එනකොටම තීනු කරන්නෙ පිටිපස්සට පනින එක...එහෙම නැත්නම් බෝලෙට ගහන්න වගේ අත් දෙක හදාගෙන ආයෙමත් ඇදලා ගන්න එක..ඉතින් අනිත් අයට ගහන්න විදිහකුත් නෑ තිනු ගහයි කියලා හිතන නිසා..ඒ උනාට කොල්ලා ගහන්නෙත් නෑ.....

...ඒ උනාට බෝලේ මූනට එනවනේ..

..මූනට එනවා නම් ගහන්න...මූන වහගෙන හරියන්නෙ නෑ....එතකොටත් බෝලෙ වදිනවා තමා..

ධතාශ් මොනා කිව්වත් තීනුට බයයි...තියරි කටපාඩම් උනාට මොකෝ කොල්ලා ආසාවටවත් කෝඩ් එකක් පැත්තෙ ගිහින් තිබ්බෙ නෑ....අනිත් අය සෙල්ලම් කරන දිහා බලන් හිටියට කවදාවත් සෙල්ලම් කරන්න ඕන කියලවත් කොල්ලට හිතිලා නෑ....ඉතින් එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ සෙල්ලම් කරන්න ටීම් එකට ගත්තාම කොල්ලා බය වෙන එක සාදාරනයි....



..උබලගෙ උන්ගෙන් ඔච්චරද බන් ඉන්නේ..වෙන උන් ඇත්තෙම නැද්ද...



එන එන බෝලෙට තීනු එහාට පයින්න ගත්තාම අනිත් කොල්ලන්ටත් ටිකක් කේන්තියි.....උන්‍ට ඕන එක දිගට ගේමක් ගහන්න....දොලහෙ වසරෙ යාලුවො ටික නම් මොනවත් නොකිව්වත් ඕලෙවල් ලියන්න ඉන්න අයියලා කියලා හිතන් ඉන්න කොල්ලන්ගෙ හරි කට...මයුර නිවාසෙ කැප්ටන්ට නැති අමාරුවක් ලිහිනිවල එකෙක්ට....

..ඉන්නවා...හැබැයි උබ තරම් ලස්සන නෑ..ඇස් වහ වදී.කියලා.ගත්තෙ නැත්තේ...



ධතාශ්ගේ වචන එක්ක ඒ කොල්ලා ආයෙ මොනවත් කියන්න ගියෙ නෑ....අවුවට කරවෙලා වගේ පුස්කාපු ඌරු මූනක් තියන ඒකට ලස්සනයි කිව්වාම ආයෙ කටක් ඇරලා තව මොනාහරි කියන්න පුලුවන්ද..කන අතගාලා කනට ගැහුවා වගේනේ නිකම්.....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now