0055

1.6K 408 175
                                    

..

..

..

තියෙන පන්ඩිතකමට වඩා බකපන්ඩිතකමනෙ ඉතින් ..ඩැඩාගෙන් හොද පාරකුත් කාලා ධතාශ්ගේ රැවුම් ගෙරවුම් එක්ක තීනුට උනා නිවාස අඩස්සියට වැටෙන්න....ස්පෝර්ට් මීට් එකට තිබුනෙ තව දවස් දෙකක් විතරක් වෙද්දි.....එයාගෙම මෝඩකම් නිසා තීනුට උනේ අන්තිමට පිට්ටනියට යන්නෙ නෑ කියන පොරොන්දුව මත ආපහු ස්කෝලෙ යන්න......එදාම හවස ඩැඩා කොලබ යන්න ලෑස්ති උනේ..තවත් ඉන්න එක හරි මදි කියලා හිතට දැනෙද්දි.....කලින් වතාව වගේ යන්න එපා කියලා තීනු කදුලු පුරවගත්තෙ නැති උනත් වේදනාවෙන් බලන් හිටියෙ ඩැඩා ඇදේ වාඩි වෙලා සපත්තු දාන දිහා....




..ති..නෙත්.....ති...නෙත්....

..කවුද ඒ...

ඒත් ඊලග මොහොතෙ ඩැඩා වගේම තීනුත් ගැස්සිලා වගේ බැලුවේ ඉස්සරහින් ඇහුනු සද්දෙත් එක්ක....

...ආදි වෙන්න ඇති....

ඇස්වලට උනපු කදුලුත් පිහගෙන තීනු එලියට දිවුවේ එයාට තිනෙත් කියන්න ඉන්න එකම මෝඩයා ආදි විතරයි කියන්න දන්න නිසා.....

..ඇයි කතා කලේ...

..උබ නිකන්නේ ඉන්නෙ මේකෙන් කොඩි හැත්ත පහක් කපලා දියන්..මෙතන ලීත් තියෙනවා ..තීරුවක් නවලා ස්ටෙප්ලර් කරපන් ලීය රිංගවන්න පුළුවන් වෙන්න....ලොකුවට එපා අල්ලක් සයිස් දිගට ඇති....

තීනු ඉක්මනටම බැලුවෙ එයාගෙ අත දිහා.....ආදි ගෙනත් දීපු තද නිල් පාට ලොකු ඉටිකොලෙන් කොඩි හැත්තැපහක් කපලා ඕනලු......වෙන මොකටවත් නෙවේ පිට්ටනියෙ ට්‍රැක්වල ගහන්න...නිවාස තුනෙන්ම ඕන....ට්‍රැක්වල කිව්වට පිට්ටනියෙ මැද තියෙන අන්තිම ට්‍රැක් එකත් පලවෙනි ට්‍රැක් එකත් අතර විතරයි.......එයාලගෙ පිට්ටනිය තණකොළ පිට්ටනියක්....පස් පුරෝපු පිට්ටනියක් නෙවේ.....තණකොළ අඩියටම වෙන්න කපලා දුවන ට්‍රැක් ගහන්නෙ කලුතෙල්වලින්......ට්‍රැක් ඈතට කැපිලා පේන්න ඕන නිසාත්....ක්‍රීඩා උත්සවය පවත්වන පිට්ටනියට වටිනාකමක් ලැබෙන්න ඕන නිසාත් අනිවාර්යයෙන් නිවාස තුනේම පාටින් පොඩි කොඩි පිට්ටනියෙන් වටේට ගහනවා.........

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now