0022

1.8K 442 162
                                    

..

..

..

හිතුවට වඩා මිනාශි ගැන ඔයාලගෙ ප්‍රතිචාරය හොදයි😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතුවට වඩා මිනාශි ගැන ඔයාලගෙ ප්‍රතිචාරය හොදයි😂..මේකට නම් බයත් හිතුනා..ආදරෙයි ඒයි ඔයාලට මං..😁

.

.

.

.

.

.

හත හමාරෙ බෙල් එක ගහලා දැන් පැයකටත් වැඩී....මේ ගෙවෙන්නෙ දෙවෙනි පීරියඩ් එක උනත් තිනුගෙ ඇස් දෙක තවම තිබුනෙ උඩහා ගේට්ටුව ළඟ.....විටින් විටේ එයාටත් නොදැනී එයා ආපස්සට හැරිලා හිස් වෙලා තිබුනු ඩෙස් එක දිහා බැලුවා වගේම ආයෙමත් බෙල්ල හරවලා උඩහා ගේට්ටුව දිහා බැලුවා....වොලිබෝල් කෝඩ් එක අල්ලලා ගහපු කොල පාට යකඩ දැල එක්ක පැහැදිලිව උඩහා ගේට්ටුව බලාගන්න බැරි උනත්...එයා පුළුවන් හැමවෙලාවෙම ඇස් කරකවලා ඒ පැත්ත බැලුවා.....

අනිත් ළමයි ලියන්න පටන් අරන්....එයාලට වැඩ ගොඩයි...උගන්නන දේ අහන් ඉන්නයි නෝට් එක පොතේ ලියන්නයි...ළඟ ඉන්න කෙනාට මොනාහරි කියන්නයි...එයාලා එයාලගෙම ලෝකවල...තීනුට ඔය මොන වැඩක්වත් කරන්න හිතන් නෑ...එයාගෙ ඇස් වගේම හිතත් හොයන්නෙ එක් කෙනෙක්ව....උදේ ස්කෝලෙට ආවෙ උනත් දාහකුත් බලාපොරොත්තු තියාගෙන වෙද්දි..පැන්සල නැතත්..ධතාශ් නාපු එක ගැන එයාගෙ හිත රිදිලා තිබ්බා...එයා කොහොමත් එන්නෙම පරක්කු වෙලා උනුකොට...දැන් එයි දැන් එයි කියලා පැයක් තිස්සෙ බලන් හිටියත් ධතාශ් නෙවේ ආවේ.....



තීනු තුන් වෙනි පීරියඩ් එකත් බලාගෙන හිටියා...හතරවෙනි පීරියඩ් එක වෙද්දි බලන් ඉඳලම එයාගෙ බෙල්ලෙ පැත්තක් යාන්තමට රිදෙන්න අරගෙන තිබුනා....ඉන්ටර්වල් එකට බෙල් ගහනවත් එක්කම එයා එයි කියලා බලාපොරොත්තු තියාගන්න බැරිම වෙද්දි....තීනු කේන්තියෙන්ම එයාගෙ අතේ තිබ්බ කවකටුවෙන් මේසෙට ඇනගෙන ඇනගෙන ගියා...



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now