0018

1.9K 415 84
                                    


..
..
..




...මේවා කනවා නේද...මේහ් මේවත් කනවද...අර අරවත් දාන්නම් හාද....

ටිකෙන් ටික මද්දහන ගෙවිලා යනවත් එක්කම එක් කෙනෙක්ගෙ අතේ තිබුනෙ සුදු පාට වීදුරු පිගානක්...අත් දෙකෙන්ම අල්ල ගත්තෙ නැත්නම් ලිස්සලා ගිහින් වැටිල කුඩුවෙන්න පුළුවන් තරමෙ ඉස් තරම් පිගානක්...කෑම මේසෙ පුරාවට ඇඹුල් තියල් දාපු මාලුවක්..තිබ්බටු පොල් එකතු කරලා ලා කොල පාටක් වෙන්න හදලා , පරිප්පු හොද්දක් වගේ පේන තරමට කොස් ව්‍යංජනයක් වගේ ගමේ රහට හදපු කෑම දීසිවලට දාලා තියෙද්දි..ඉදගන්නෙවත් නැතුව නැගිටගෙනම තීනු දුම් දාන සුදුබත් පුරෝපු පිගානට හොදි බෙදන්න ගත්තෙ සමහර ඒවයෙ නම්වත් දන්නෙ නැතුව...

උත්තරයක් නොදී ධතාශ් කලේ තඩි පිගාන අල්ලන් හිටිය තීනුගෙ පොඩි ඇගිලි දිහා බලන් ඉන්න එක වෙද්දි ඇගිලිතුඩුවලින් ඉස්සෙන ගමන් කොල්ලා මේසෙ මැදටම නැවිලා එකින් එක හොදි ව්‍යංජනවලින් බත් පිගාන වැහෙන්නම පුරවලා දැම්මා...සුජා නැන්දා බෙදලා දෙන්න ඇහුවත් බෑලු තියෙන පන්ඩිතකමට....කොතක් සයිස් බත් එකක් බෙදාගෙන ඒකටම හරියන්න පිගාන වටෙන් හොදි ගොඩ ගහනවා....හරියට නිකම් මාස ගානක් සාගින්නෙ හිටිය මනුස්සයෙක්ට කන්න දෙන්න වගේ ලොකු උනන්දුවකින් කොල්ලා අරක දාන්නද මේක දාන්නද අහන ගමන් බත් එක බෙදනව...හොරෙක් වගේ ධතාශ් දිහාත් බෙල්ල හරවලා බලනවා...

ඇයි ඉතින් ගෙදර බිත්තර ඉවරයිලුනේ....

ධතාශ් තීනුගෙ හුරුබුහුටි ඇගිලිදිහා බලාගෙනම හිටියෙ කොයිවෙලාවෙ හරි බත් පිගාන අතෑරුනොත් කියලා අල්ලන්න බලාගෙන....කොල්ලට කෑම බෙදන්න තියෙන උනන්දුව දැක්කාම ඒ තොල් අගට නිකන්ම හිනාවක් එනවා....ගෙදර බිත්තරත් නෑලු...එහෙනම් කොහොමද දන්නෑ ඊයෙ රෑට කෑවෙ...ඊයෙ රෑත් නොකා හිටියද නැත්නම් බිත්තර ගෙනල්ලා එක රැයින් ඒ ටික ඉවර උනාවත්ද...කවුද දන්නේ...දැන ගත්තත් මොකටද කියන්නෙ...පොඩි එකාගෙ ආසාවනේ...


..ආ කන්න...

බත් එක බෙදගෙන හැරෙද්දි ඒකෙ සයිස් එකට තීනුගෙ මූන පේන්නෙත් නෑ...ඒ තරම් උසයි....බත් එකත් බෙදලා ඒක කෑම මේසෙ වාඩිවෙලා හිටිය ධතාශ්ගේ ඉස්සරහින් තිබ්බෙ හරියට නිකම් එයාම උයලා ඒ කෑම එයාම කෑම මේසෙට තිබ්බා වගේ.....ධතාශ් ඇස් උස්සලා එක පාරක් තීනු දිහාත් බලලා නෙලුම් කුළුණ වගේ උස බත් එකේ නෙලුම් පොහොට්ටුව විදිහටදෝ මන්දා බත් එක අස්සට උස්සලා තිබ්බ පපඩම දිහා බැලුවා..ඊට එහායින් බෙදපු තද කලු පාට මාලු කෑලි ටික පේන්නෙ හරියට පෝට් සිටිය වගේ..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now