0035(Bonus)

1.8K 414 83
                                    


..
..
..

ඔය ලශ්ශන කෙල්ලො ඕඤෙම ඤෑහ්..!!...තීනු දෙන්නටම ගස්සගෙන ගේ ඇතුලට ගියේ හරියට නිකම් එයාට කසාද බදින්න ගෑනු ළමයෙක් හෙව්වා වගේ....සීයා අත්තයි ධතාශුයි මූනට මූන බලාගද්දි...තීනු ගස්සන් ගිය පාර කොයිතරම්ද කියනව නම් දොර රෙද්ද එහාට පාවෙලා ගිය පාර තාමත් තිබුනු විදිහට ඇවිත් තිබුනෙ නෑ....

..මෙ කොල්ලා හැදෙනවා දැන් හැදිල්ලක් ගන්න දෙයක් නෑ...පුදුම මුරන්ඩුකමක් තියෙන්නෙ..මේ සේරම අපේ කෙලීගෙ වැරදි....පාරක් දෙකක් ගහලා හදාගන්නෙ නැතුව උකුලෙ දාලා නලවලා....හනේ මේ වයසට ගිහිල්ලත් මේවා බලන් ඉන්න උනානේ......

..තාම පොඩීනේ...

..පොඩී...!!..ඕකගෙ කොහෙද පොඩි...කොහෙවත් නෑ!!....

..ඒක ඇත්ත....

..මොකැයි උබ කිව්වේ..

..ම්..ම්..මු..කුත් නෑ....

ධතාශ් ටක් ගාලා අහක බලාගත්තා....කොල්ලට වචනත් පැටලීගෙන එනකොට ධතාශ් අහක බලාගෙනම බෙල්ල පිටිපස්ස අතගෑවා.....කියන්න ඕන උනු දෙයක් නෙවේ කියවුනේ...

..සුදු මහත්තයා කියන ඒවා උබ ගනන් ගන්න ඕන නෑ...ඒ කෙලීට එන්න කියපන්කෝ...අපි ගාස්තුවක් කතාකරගමු..උබ මහන්සි වෙන්න ඕන නැ අපි කෙලීට යන්න එන්නත් හරිහමන් විදිහක් කතා කරගමු...

..ම්ම්...

..මොකක්ද කෙලීගෙ නම කිව්වේ..

..අනගි ..

ආආ..හරිම අගෙයි....ලස්සනයි කිව්වා මදිවට නමත් දන්නවා...මතක් කරන්න දෙයක් නෑ දිව අග තිබ්බා වගේ කෙලින්ම කියලා දැම්මා.....ඕන කෙනාගෙ නම නම් කියන්න බෑ.....ලස්සනයි කියලා කියන්නත් බෑ...ඒකට මොකද කෙල්ලන්ගෙ නම් කියන්නයි ලස්සනයි කියන්නයි ඒවා නම් පුළුවන් ......

මහ ලොකුවට ගස්සන් ගියාට මොකෝ දොර ගාව කන තියන් නතර උනු තීනු ඔන්න ආයෙමත් පාරක් ගස්සගෙනම ඇතුලට ගියා..මේ පාර නම් කෙලින්ම කාමරේට...

..මං උබට එන්න කිව්ව තවත් දේකට එක්ක..වරෙන්කො කොලුවො ගෙට යන්ඩ...මේ අපේ කොලුවා ටීවි එකට මොකක්ද කරලා දැන් රූපයක්වත් පේන්නෙ නෑ....

ධතාශ්ට අමුතු තැනක් නෙවේ කොහොමත් සීයා අත්තගෙ ගෙදර කියන්නේ......ගනන් හිලවු පොත වහලා ඒකත් එක අතකට අරන් සීයා අත්තා පස්සෙන්ම කොල්ලා ඇදුනෙ අර මොකක්ද වෙලා කිව්ව ටීවි එක බලන්න....හරිහමකට සිග්නල් නැති නිසා මෙලෝ වැඩක් ගන්න බැරි ෆෝන් එක පැත්තකට දාලා තීනු ටීවි එක ටිකක් බලන්න ගත්තා විතරයි අවුරුදු ගානක් පරන පරිස්සමට පාවිච්චි කරන් ආව ටීවි එකට මොනා උනාද හිතාගන්න බැ...රිමෝට් එකක් නැති ටීවි එකේ බට්න් ඔබන්නයි කරකන්නයි ගිහින් කොල්ලා මොනාහරි කරලා....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now