0030

1.7K 430 78
                                    


..

..

..



..කන්න මොනාහරි අරන් දෙන්නද ම්ම්..

..ම්හ් එපා....

බස් එකේ සෙනග ටිකෙන් ටික පිරෙන්න අරන්..හිස් උනු සීට් අතරින් පතර සුදු ඇදුම් ඇදුමින් සැරසුණු ළමයි ඉද්දි...ඒ දිහා නොබලාම ධතාශ් තීනුගෙන් ඇහුවෙ කන්න මොනාහරි අරන් දෙන්නද කියල...බලාපොරොත්තු ගොඩක් තියන් ආවා උනත් හිතුවා වගේ දැන් එයාට තීනු එක්ක ඇවිදින්න යන්න තිබුනු කැමැත්ත නැති වෙලා ගිහින් තිබුනා...ඒ වෙනුවට හිත පුරා කලකිරීමක් පැතිරිලා ගිහින් තිබුනත් කන්න මොකුත් අරන් නොදී තිනුව එක්ක යන එක එයාගෙ හිතට හරි මදි වගේ දැනුනා...කලින් වතාවෙත් ආවට මොනවත්ම අරන් දෙන්න බැරි උනා..අනික ටවුන් එකට එනවා කියන්නෙ අනිවාර්යයෙන් ම මොනාහරි කන්නම ඕන...ටවුන් ඇවිත් හිස් අතින් ගියත් හිස්බඩ යන එක කවුරුත් කරන්නෙ නෑ.....




..එපා කියන්නෙ ඇයි ම්ම්...වඩේ මුලක් අරන් දෙන්නද..

..මට එපා අප්පා...මං යූටියුබ් දැක්කා ඔය වඩේ බදින්නෙ එකම තෙලින්...තෙල් එක මාරු කරන්නෙවත් නැ...කලුම කලු පාටයි...ඔව්වයින් කාලා මොකක් හරි ලෙඩක් හැදුනොත්....

ධතාශ් ඒකට මොකුත් කිව්වෙ නෑ..කතාව ඉතින් ඇත්තනේ...හැබැයි ඒ බව දැන දැනම මිනිස්සු රස කර කර කනවා...කටට දැනෙන රස ගැන හිතනවා මිස කවුද ඕකේ පිටිපස්සෙන් තියෙන තෙල් එක ගැන හොයන්නේ...තෙල් එක කලු පාට උනත් නිල් පාට උනත් මැරෙන්න බලන් හරි එවෙලට දිව හොයන රස නිසා මිනිස්සු කනවා.....මොනා හරි අසනීපයක් උනොත් ඒක පහුවටනේ...බෙහෙත් ගන්න හරි බැරියෑ.....ඔහොම සෞඛ්‍යාරක්ශිත බව ගැන හිතන්න ගියොත් ඉතින් කඩ කෑම සේරම අයින් කරලා එලවලුයි බතුයි තමා කන්න වෙන්නේ..


...ඔහොම ඉන්නකෝ..

..කොහෙද යන්නේ..

..කලබල නැතුව ඉන්න මං එනවා...



ජනේලේ අයිනෙ වාඩිවෙලා පොතත් තුරුලු කරන් එළිය බලන ගමන් හිටිය තීනු ගැස්සිලා වගේ ගිහින් ධතාශ්ගේ අතින් අල්ල ගත්තෙ එයා සීට් එකෙන් නැගිටිනවා කියලා තේරුණු නිසා...කලබලෙන් වගේ වටපිට බලන ගමන් තීනු අත් දෙකෙන්ම ඒ අත බදාගද්දි ධතාශ්ගේ තොල් අග යාන්තමට හිනාවක් ඇදුනා..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now