0047

1.8K 421 80
                                    


..
..
..




ඉතින් පුන්චිම පුංචි උනත්..මහ හුගක් ආදරේ පිරුනු හාදුවක්....ඒ රෝස කම්මුල්වලට රිදෙයිදෝ කියන බයෙන් හරි පරිස්සමට හාදුව පවා තැවරුනේ මහ හුගක් ලෝබකමට අත් අස්සෙම හිර කරගෙන....යන්න ඕන උනත්..යන්න දෙන්න ලෝබකමට.....රලු දෙතොලක් සියුමැලි හමක දැවටුනේ මොහොතකට ඉවත් නොවීම හරි හරියට මොකක්දෝ සුවදකින් හිත පුරගන්න වගේ.....


..මේ පැත්තටත් එකක් දෙනවද හලෝ...

කපටි රාල....ධතාශ්ගේ තොල් කම්මුලෙන් අයින් උනත් හරි තීනු ඇගිලිතුඩුවලින් ඉස්සිලා ඒ බෙල්ලෙ එල්ලුනා..එක කම්මුලකට මදිලු...අනිත් කම්මුලටත් ඕනලු....මදැයි ඉතින් පාඩුවේ පිට්ටනියට යන්න හදපු කොල්ලව නතර කරන්න අත්තිකාරමක් දෙන්න හැදුවා.....එකක් නම් දීලා පිරිමහන්න බෑ වගේ...


..එකක් මදිද ඉතින් ම්ම්ම්...දෙපැත්තටම ඕන නෑනේ..

..නෑ නෙවේ ඕනනේ...ඩැඩා කිව්වා දකුනු කම්මුලට විතරක් හාද්දක් දෙන්න හොද නෑලු...වම් කම්මුලටත් දෙන්න ඕනලු...නැත්නම් බදින්න ඉන්න කෙනා කොට වෙනවලු....අනෙ ඔයා කොටවෙන්න එපානේ ..මෙ උස හොදයිනේ.....මීට වඩා උස ගියත් කොට වෙන්න නම් එපා හලෝ...එතකොට මට මෙහෙම බෙල්ලෙ එල්ලෙන්න බෑනේ....ඔලුව උස්සලා බලන්නත් බෑනේ...ඔයා නම් කොට වෙන්න එපා හලෝ...මං ආස නෑනෙ ඔයා කොටවෙනවට...එතකොට මට දුක හිතෙනවනේ.....ඔහොම උසට ඉද්දිනෙ ලස්සන ඉතින් ....මං ගැන හිතල බැයි නම් ඔයාගෙ උස ගැන හිතලවත් එකක් දෙන්න පුළුවන් නේද...එකම එකක් දෙනවද තව..ඔන්න මං නම් දන්නෑ ඩැඩා කිව්වා වගේ මිටි උනොත් එහෙම....



කියවනවා කියවනවා ඉවරයක් නෑ..පුදුම කියවිල්ලක් ඒක..කොහෙන් පුරුදු වෙලාද මන්දා....බොරු ගොතන්න දන්නෙම නෑ......බොරු ගොතනවට වඩා ඇත්තක් කියනවා වගේ ඇස් දෙක දිහාම බලාගෙන කියන ලස්සන .....හිනාවෙන්නත් බයයි දැන් අර පූස් නියපොතු ටික හින්දා..චූටිම චූටි ටොක්කක් අනින්න හිතුනත් ධතාශ් නොරිදෙන ගානට තීනුගෙ නහය මිරිකලා දෙපැත්තට හෙල්ලුවා....



..එක කම්මුලකට විතරක් හාද්දක් දීපුවාම බදින කෙනා කොටවෙන්නෙ මොන ලෝකෙද කොල්ලෝ...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now