0019

1.7K 404 108
                                    


..

..

..

    එක මොහොතකට හැමදේම සාමකාමි වෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක මොහොතකට හැමදේම සාමකාමි වෙලා ගියා...ඇයි එහෙම උනේ මොකටද එහෙම උනේ කියලා හේතු හිතන්නත් කලින් ගැස්සිලා ගිහින් කෙල්ලො දෙන්නා දෙපැත්තට වෙද්දි..ධතාශ් එයාගෙ ඇස් හීනි කරගෙන එක බැල්මක් පා කලා...

..මොනාහරි කිව්වද...


තීනු හුස්ම උඩට ඇදගත්තා....ඒත් ඒ හුස්ම පහතට දාගන්න බැරිව හිර කරගෙන එය මාරුවෙන් මාරුවට බැලුවේ අගසව් දෙනම වගේ දෙපැත්තෙන් ලොකූගෙ ඇගෙ එල්ලිලා ඉන්න සම්පූර්ණයෙන්ම එකිනෙකට සමාන කෙල්ලො දෙන්නා දිහා.....එයාලා උනත් බලන් ඉන්නවා ඇස් දෙක ලොකු කරගෙන අතේ වතුර වගේ මොනාහරි දාපු වීදුරුවක් අතේ තියන් ඉන්න නුපුරුදු රූපෙ දිහා....නුපුරුදු කියලා කිව්වත්...දෙතුන් වතාවක් ස්කෝලෙදි දැකපු ඒත් තමන්ගෙම ගෙදරදි මෙහෙම අනපේක්ෂිත විදිහට දකින්න ලැබේවි කියලා නොහිතපු ඒ රූපෙ දිහා...

..ල්.ලොකූ මෙයා...

..අපේ ගෙදර ඇයි...

...ගිහින් ඇදුමක් මාරු කරන් කාලා ඉන්නවා....ම්ම්...


ධතාශ් කෙල්ලො දෙන්නගෙ ඔලුවට එකම පාර පොඩි තට්ටුවක් දැම්මා...ඒ තට්ටුව එක්ක ලොකූ දිහා බෙල්ල හරවලා බලපු කෙල්ලො පුදුමය පැත්තකට දාලා තීනුටත් හිනාවක් දුන්නා....ඒ හිනාවෙ තිබුනෙම පොඩි ලැජ්ජාශීලි ගතියක්.....ගෙදරට අමුත්තෙක් ඇවිත් කියලා නොදැන අයියගෙ ඇගේ එල්ලිලා කෑ ගහපුවත් දකින්න ඇති කියලා ඇති උනු ලැජ්ජාවක්.....තීනුත් ආපිට යාන්තම් හිනාවක් දෙනකොට කෙල්ලො දෙන්නා වාශ්ප වෙලත් ඉවරයි....

..මට ඕකුන්ව තෝරලා බේරලා හොයන්න බෑ....එකෙක් මයුමි අනිකා සයුමි....කෙල්ලො උනාට ලෝක අන්ඩයෝ....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now