0036

1.8K 425 124
                                    

..

..

..

..චූටිම චූටි එකක් ඇද්ද ඉතින් ම්ම්ම්ම්..


ධතාශ්ගේ දිග ඇගිලි..තිබුනෙම තීනුගෙ කන් පෙත්තක උනත්...එයා කහා කලේ වීදුරු ඇස් දෙකක් දිහා බලාගෙන....උස මදි නිසා ඇගිලිතුඩුවලින් ඉස්සිලා...අමාරුවෙන් වගේ බෙල්ල වගේ අත් පටලන් ඉන්න ඒ රූපෙ දිලිසෙන ඇස් ළඟ....ඒ ඇස් දිලිසෙනවා......ඉර එළිය නොවැටී ධතාශ්ගෙම හෙවනැල්ල වැටුනු ඒ ඇස් තද නිල් පාටකින් දිලිසෙනවා...විටින් විටේ ඇරෙන....ධතාශ්ගෙම නිකටේ ඇහිපිය තවරන් වැහෙන ඒ ඇස් හැගීම් ගොඩක් එක්ක දිලිසෙනවා....එක දිගට හාදු තියාගෙන යන්න හිතෙන තරම් දිලිසෙනවා....

ධතාශ්ගේ හුස්ම වදිනවත් එක්කම...ඒ ඇස් තදින් පියවෙලා ගියා උනත්...හරි කලබලේට ඒ ඇස් ඇරගත් තීනු තව චුට්ටක් ඇගිලිතුඩුවලින් ඉස්සුනා.....හොරෙක් වගේ ධතාශ්ගේ කකුල් උඩින් යටි පතුල් තියලා ඒ බෙල්ලෙ එල්ලුනා....

...චූටිම චූටි එකකට වඩා චුට්ටිත්තක් ලොකු උනාට කමක් නෑ....

...ඇත්තටම ....

..ඕඕ....චුට්ටිත්තක් නැතිව ගොඩක් ලොකු එකක් උනත් කමක් නෑ...

..කමක් නැද්ද...

..කමක් නෑ තමා....චූටිම චූටි එකක් දුන්නොත් ගොඩවෙලාවක් යයි හොද වෙන්න.....ලොකු එකක් දුන්නොත් ඉක්මනට හොදවෙයිනේ....

..හොදවෙයි නෙවේ ඔයාගෙ සීයා අත්තා දැක්කොත් වෙරිවෙයි....

..ආහ්...



තීනුගෙ කට ඕ හැඩේට හැරුනා...එයාට එහෙම දෙයක් හිතිලා තිබුනෙ නෑනේ..නිකමටවත් හිතන්න ගිහින් තිබ්බෙ නෑ....ඇත්තටම සීයා අත්තා ආවොත්....අර අතේ තියන පොතෙන් තීනුට ගහයි එකක් ගේ වටේ දුවන්නම...ඒ හින්දා කොල්ලා කලබලෙන් වගේ ධතාශ්ගෙන් අයින් උනා.....අයින් උනා කියන්නෙ එයාගෙ අත් දෙක බෙල්ල වටෙන් අයින් කරලා අඩියක් පිටිපස්සට තිබ්බා.....ඕන් දැන් ධතාශ් බලන් ඉන්නවා මෙයා මේ මොනාද කරන්න යන්නෙ කියලා.....එයා දන්න විදිහට තීනු කියන්නෙ දෙයක් ඕන උනාම ඉක්මනට අතෑරලා දාන කෙනෙක් නම් නෙවේ....

...ඒ..හ්...කොල්ලෝ..

ධතාශ් හිතුවා හරි....පොඩි එකා කැමති නෑ ලේසියෙන් වැඩේ අතාරින්න....කොල්ලට එකපාරටම කෑ ගැහුවෙ ඉදලා ඉදලා තීනුවා කරපු දේ එක්ක...කලබලෙන් වටපිට බලලා සුජා නැන්ද ඉන්නවදත් බලලා කොල්ලා මීපැටියෙක් වගේ පස්සත් දික් කරගෙන ධතාශ්ට හිතන්නවත් වෙලාවක් නොදී ශර්ට් එක ඇතුලට රිංගුවේ දඩබඩ ගාලා.....මී පැටවු ගුලියක් වගේ රෝල් වෙලා රෙදි අස්සෙන් රිංගලා ගිහින් උඩින් මතුවෙන්නෙ කොහොමද ඒ විදිහටම කොල්ලා ධතාශ්ගේ කමිසෙ ඇතුලට රිංගුවා...හැබැයි එලියට එන්න හම්බුනේ නෑ උස මදිකමට තීනුගෙ මූන කමිසෙ ඇතුලෙන් ධතාශ්ගේ පපුව මැදම නතර උනා.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now