0070

1.9K 372 163
                                    


..

..

..



ටිකෙන් ටික දවස ගතවෙනකොට තීනු නම් හිටියේ හරි පාලුවෙන්....ධතාශ් ගියා ගියාමයි කෝල් එකක් දෙන්න ෆෝන් එකවත් නැතිවෙද්දි එයා හිස් බැල්මෙන් එයාගෙ ෆෝන් එක දිහාම බලන් හිටියා.....වට්සැප් චැට් කරන්නවත් හරි හමන් යාලුවෙක් හිටියෙ නැති තීනුට සිග්නල් නැති උනා කියලා ලොකු පාඩුවක් තිබුනෙ නෑ...වචනයෙ පරිසමාප්තියෙන්ම තීනු ෆෝන් එක පාවිච්චි කලේ කෝල්ස් ගන්නයි පොටෝස් ගන්නයි වගේ සාමාන්‍ය දේවල්වලට විතරක් උනා......


ඉතින් මාස දෙකකට කලින් නෝට්වලින්,Pdf වලින් විතරක් පිරිලා තිබුනු ගැලරිය මේ වෙනකොට අයිතිකරන් තිබුනේ බොරලු පාට ඇස් දෙකක අයිතිකාරයෙක් වෙනකොට...මොන තරම් කම්මැලි උනත්.....ඒ ඇස් නෙවේ මොහොතකටවත් විඩා උනේ...යාන්තටමට ඇදුනු හිනාවක් එක්ක ෆෝන් එකේ සේයා උනු පින්තූර අතරින්...ඒ ඇස් නෙවේ අකමැත්‍තෙන් ඉහල පහල ගියේ...




...ආහ් උබටත් එහෙනම් මේ නාකි මාව මතක් උනා එහෙනම්...

ෆෝන් එක දිහා.බලාගෙනම ඇදේ පෙරලිලා හිටිය තීනු ගැස්සිලා නැගිට්ටෙ අප්පච්චිගේ කටහඩ එක්ක ඊලගට අදුනගත්තු කටහඩේ අයිතිකාරයා නිසා මූනෙ ඇදුනු හිනාවක් එක්ක....


..මොන පිස්සුද මාමන්ඩියෝ මේ කොල්ලා වගේ ඉද්දි නාකී කියාගන්නේ....කොන්ඩෙ පොඩ්ඩක් ඩයි කලා නම් ආයෙ පාරක් බදින්න තිබ්බා...එළ කොල්ලෙක්නෙ ඉතින් අපේ මාමන්ඩියා....

..උබට ඕන මගෙ දීගෙ කඩන්නද ආහ්...පැත්තකට වෙලා හිටු...අනිත් එක උබ මාමන්ඩි ගාන් දෙකට නැවීගෙන ආවට උබට දෙන්න කෙල්ලෝ මෙහෙ නෑ...

..හාපෝ නිකම් දුන්නත් ඒ යස්ස දේසිනියො දෙන්නා මට එපා....ඊට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැදන් වැවට පනිනවා...

..මාර දූතියෝ උනත් දේව දූතියෝ උනත් උබට නම් මගෙ එක කෙල්ලෙක්වත් දෙන්නෑ පුතෝ...අදහසක් තියෙනවා නම් දැම්මම හිතින් අත් ඇරගනින් ඈ..

..පුහ්...කවුද මෙහෙන් ගෑනු ගන්න ආවේ...අනෙ මට වැඩේමනේ..

..එහෙනම්..!..ගෑනු ගන්න නෙවේ නම් උබ.. හ්..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now