0040 (Bonus)

1.9K 415 102
                                    

..

..

..


කොලබ අහසට අලුත් දවසක් වෙනුවෙන් ඉර පායගෙන ඇවිත්...දවස් හයක්ම ඒකාකාරීව ගෙදරින් රස්සාවටත් එතනින් ගෙදරටත් දුවන මිනිස්සු මොහොතකට විවේකයක් අරන්....එදා වේල හම්බකරගන්න මහන්සි වෙන...ජීවිතේම රස්සාව වෙනුවෙන් කැප කරන මිනිස්සුන්ට නැතත් හුගක් දෙනෙක්ට ඉරිදා කියන්නෙම විවේකි දවසක්...තමන්ගෙ පවුලෙ අය එක්ක එකට වාඩිවෙලා කෑමවේලක් ගන්න.....ටිකක් නිදහසෙ කතා කරන්න..කොහෙට හරි ඇවිදින්න යන්න..තමන්ගෙ දරුවෝ වෙනුවෙන් කාලය වෙන් කරන්න..ඉරිදා දවස කියන්නෙම අවිවේකි සතියකට පස්සෙ ලැබෙන ආශිර්වාදයක්.....

ඒත් ඒක හැමෝටම එහෙමද....ඉරිදා දවස විවේකි උනත්..ඒ විවේකි බව විදගන්න තමන්ගෙම කියලා කෙනෙක් නැති තනිවුනු මිනිස්සුත් ..ආදරනීයන්ගෙත් ඈත් උනු මිනිස්සුත් කොලබ අහස යට ඉන්න බැරිද....





...තඩ්.......




කිසිම අඩුපාඩුවක් නැති සුවිසල් කෑම කාමරයේ වීදුරු මේසය උඩින් තඩ් සද්දෙන් කෝපි කෝප්පයක් තියලා ගියේ කාන්තාවක්.....ඉන ලගටම දිග කලු කොණ්ඩය තනි කරලට ගොතපු...චාම් සරල දිග ගවුමක් ඇදපු කාන්තාවක්... තවමත් තරුන වියේ ලකුනු මූනේ ඉතිරිව ඇති ආලේපන තැවරුනෙ නැති ස්වාභාවික ලස්සනක් තිබුනු වගේම බැලූ බැල්මට සිත් ඇද ගන්නා කාන්තාවක් එයා...වැඩිය උසත් නැති වැඩිය මිටිත් නැති සිහින් ශරීරයක් එයාට තිබුනා වගේම බැලූ බැල්මට එයාව පෙනුනෙ තවමත් විවාහ වෙන්න තියා හිතලවත් නැති කාන්තාවක් ගානට......

කිරිපාට හමක් එක්ක පිරුනු කම්මුල් දෙකත්...තද රෝස පාට පිරුනු දෙතොලත් එක්ක දිගැටි ඇස් නිසා දුටුවන් වශී කරන පෙනුමක් එයාට තිබුනා...එකට තද උනු දෙතොල් තරමක් ඈත් වෙලා හිනාවක් මතු උනා නම්...හීනි කරන් ඉන්න ඇස් තරමක් ලිහිල් උනා නම්.....ඒ කාන්තාවට ඊටත් වඩා ලස්සනක් එකතු වෙන්න තිබුනා...ඒත් කොහෙද....හැමදාමත් වගේ හිනාවක් ඇදෙන්න ඕන වීදුරු පාට ඇස්වල තිබුනෙම කේන්තියක්..
රැවිල්ලක්....හරියට රවන්න නොදන්න ඒත් රවනකොට බලන් ඉන්න ඕනම කෙනෙක්ගෙ මූනට හිනාවක් ඇදෙන්න පුළුවන් තරමේ රැවීමක් ඒක..



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now